
සියොතුනේ උතුරින් මෙහි එන පියඹා
සියතුනේ දකුණින් එහි යන පියඹා
උතුරේ දිනු ගම් පිරා..
දකුණෙ උන් හා..
අහසේ හමුවන තැන කොතැනේ..
ගුරුතුමිය : ආ ඇන්ඩර්සන් ඔයා හරි අමුතුම විදිහේ මේස් කුට්‌ටමක් ඇඳගෙන. එකක් රතු පාට අනික කෝල පාට..මොකද මේ?
ඇන්ඩා : ඒක තමයි ටීචර් හරි අමුතුයි. මට මේ වාගේම තවත් මේස් කුට්‌ටමක් ගෙදර තියෙනවා.
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ආධුනිකයන් උනත්, මෙවර ලෝක කුසලානයේදී බොහෝ දෙනාගේ අවධානයට ලක්‌වුණු ක්‍රීඩකයන් අතරට බර්මියුඩා රටේ ලිවර්රොක් ක්‍රීඩකයා සමත්වුනා. ඒ ඔහුගේ තරබාරූ කම නිසා. තරබාරූ කම ක්‍රීඩකයෙකු වීමට බාධාවක් උවත් මේ දැවැන්ත ක්‍රීඩකයාගේ දක්‍ෂතාවය යම් උසස් මට්‌ටමක පැවතුනා. ක්‍රීඩා පිටිය තුල විචිත්‍ර රංගනයක් ඉදිරිපත් කරමින් ඔහු බොහෝ ක්‍රීඩා ලෝලින් ගේ ආදරයට හා අවදානයට පාත්‍ර වුණා. ඔහු වෘත්තියෙන් පොලිස් නිලධාරියකු ද වෙනවා.
දෙමලිච්චා එහෙමත් නැත්නම් Yellow Billed Babbler අපිට ගෙවත්තේ නිතර දකින්නට ලැබෙන සුලභ පක්‍ෂියෙකි. දෙමලිච්චො අතරත් භූමිය පිළිබඳ යුද්ධ ඇති බව ඔබ දන්නවාද?
මෙම කුරුළු විශේෂය රංචු වශයෙන් ජීව්ත්වන අතර ඒ ඒ රංචු තම රංචුවට අදාල කොටසක තම අනසක පතුරුවා ගනිමින් ජීවත් වෙති. එම කොටස සාමාන්‍යයෙන් වතු 2,3 කට සීමා වේ. වෙනත් රංචුවකට අයත් දෙමලිච්චෙක් තමන්ට අයිති භූමී ප්‍රදේශයට ඇතුළු වුවහොත් ඔවුන් යුධ ප්‍රකාශ කරති. එවිට ඇතිවන්නේ මහත් කලහකාරී සටනකි. එකම වර්ගයකට අයත් කුරුළු විශේෂයක් වුවත් ඔවුන් අතරත් දරුණු ගැටුම් ඇතිවේ.
දෙමලිච්චාට මේ නම දැම්මේ කව්ද දන්නේ නෑ ????