
මම මොහු ගැන ලියන්න ගත්තේ, එක් විශේෂ කාරණාවක් නිසා. අපේ ක්‍රිකට් නායකයා, මහෙල ලෝක කුසලානයට පෙරාතුව, නායකයෙකු හැටියට ලෝකයේ ඉහලම මට්‌ටමට පැමිණ සිටියත් පිතිකරුවෙකු හැටියට දිගින් දිගටම අසාර්ථක වෙමින් හිටියේ. ඔහු ලෝක කුසලානයට පෙර පැවති බොහෝ තරඟ වලදී පන්දුවට පහරදීමට පැමිණ පන්දු 3 , 4ක් ඇතුලත ස්‌ලිප් ස්‌ථානයට උඩපන්දුවක් දෙමින් දැවී ගිය අයුරු ක්‍රිකට් තරඟ නරඹන ඔබට මතක ඇති.
බර්මියුඩාව සමග පැවති පළමු තරඟයේදීම මහෙල පිටියට පැමිණි විලස සුපුරුදු උඩපන්දුව ලබා දුන්නා. හැබැයි අපේ කතානායක ලිවර්රොක් එම පහසු උඩ පන්දුව අත හැරියා. මේ හේතුව නිසා මහෙල ගේ තිබුණු සියලු දෝශ දුරු කරමින් ලෝක කුසලානය පුරාවට හා ඉන් අනතුරුව පැවති හැම තරඟයකදීම සාර්ථක පිතිහරඹයක නිරත වුණා. මහෙල යලිත් පිතිකරණය අතින් සාර්ථක වීම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මාහැගි උපකාරයක්.
මෙවැනි අවස්‌තාවලදී අපේ ගම් වල භාවිතා වෙන විදිහට මම මේ බ්ලොග් සටහනේ මාතෘකාව ලියලා තියෙන "මහෙලගේ මස්‌තේ කැඩූ තඩියා" කියන එකේ අදහස දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති. කොහොම වුණත් ලිවර්රොක් අපේ ක්‍රිකට් වලට කලේ ලොකු උපකාරයක්. ඔහුට මගේ හෘදයාංගම ස්‌තූතිය පුද කරමි.
No comments:
Post a Comment