Showing posts with label Social. Show all posts
Showing posts with label Social. Show all posts

Thursday, July 22, 2010

මෙහෙමත් ආගම්...

මම බෞද්ධ, කතෝලික, ඉස්‌ලාම්, හින්දු හෝ වෙනත් ආගමික සංවිධානයක සමාජිකයෙක්‌ හෝ පණිවිඩ කාරයෙකු නොවෙමි. නමුත් පෝයට පමණක්‌ පන්සල් යන, බිරිඳ කිතුනුවකු නිසා මාසයකට හෝ දෙකකට සැරයක්‌ පල්ලියට යන අයෙකු වෙමි. මූලධර්ම වාදී සංවිධාන ගැන මගේ දැනුමක්‌ නොතිබුණ යුගයක එය එතරම් වැදගත් කරුණක්‌ යැයි නොහැගුණ මුත් මෑතකදී සියැසින් හා දෙසවනින් ලද සාක්‍ෂි අනුව එය කෙතරම් දරුණු සමාජ අසාධාරණයක්‌ ද යන්න මට පිළිබිඹු විය.

මේ සටහන ලියන්නේ ඒ සඳහා ගෙනයන අරගලයකට කියවන ඔබ දායක කර ගැනීමක්‌ නොවන බව කරුණාවෙන් සලකන්න. මාගේ උත්සාහය මෙන්න මෙවැනි දේවල් ඔය කියන සංවිධාන වල, ආගම් වල සිදුවෙනවා යන්නය.

නමින් මේ සංවිධානය "යොහෝවාගේ සාක්‍ෂී කාරුවෝ " නම් වෙති. කින්ඩම් හෝල් යනු ඔවුන් ගේ පිළිවෙත් ඉටු කරන පංසල, පල්ලිය වැනි ස්‌ථානයකි. මාගේ බිරිඳ ගේ ඥාතියෙකු මේ ආගම අදහයි.

ලිවීමට බොහෝ දේ ඇතත් සරල කරුණු කිපයකින් දරුණු බව පෙන්වා දීමට කැමැත්තෙමි.

1. දෙමවුපියන්ට, වැඩිහිටියනට ගරු බුහුමන් දැක්‌වීම හෝ වැදීම නොකට යුත්තකි. ( දැන් ඔබ ඔබේ ආගමේ හැටියට වැඩිහිටියන් නමස්‌කාර කිරීම කෙතරම් උතුම් කරුණක්‌ ද යන්න එය නොකිරීම හෝ වැලකී සිටීම කෙතරම් පවට කරුණක්‌ ද යැයි දන්නවා ඇති )

2. තමාගේ මව හෝ පියා හෝ වෙනයම් කවරෙකු වේවා ඉහත කී ඔවුන් ගේ ආගම අතහැර යන්නේ නම් මව වුවද, පියා වුවද කම් නැත ඔහු හෝ ඇය අත හැර ආගම අත් නොහල යුතුය. ( ඔබේ ආගමේ කිසිම තැනක දෙමවුපියන් අතහැරීමක්‌ ගැන සඳහන් කොට තිබේද ? නමුත් ඉහත කී පවුලේ දරුවන් එය සිදු කිරීමට ( පියා අතහැරීමට ) සුදානමින් සිටියි )

3. බුදුහාමුදුරුවන්, ජේසුස්‌ ක්‍රිස්‌තූස්‌ වහන්සේ , අල්ලා දෙවියන් හෝ අනෙකුත් දෙවිවරු සාතන් නමින් හඳුන් වයි ( මෙය නම් ඔබගේ ලේ කුපිත කරවන කරුණක්‌ වනු ඇත. විශ්වයේ බිහිවූ විශිෂ්ඨයෝ අගය නොකලත් , මේ අයුරින් හැදිංවීමම කෙතරම් පවක්‌ ද ? ) රූපවාහිණියේ හෝ රේඩියෝවේ අනෙක්‌ කුමන ආගමක වැඩසටහනක්‌ ප්‍රචාරය වන්නේද සැනකින් එය වසා දැමිය යුතුය.


ලිවීමට තවත් කරුණු ඇතත් මෙවැනි සංවිධාන , ආගම් වල දරුණු කම දැනවීමට ඉහත කී කරුණු කිහිපය ඇති තරම් ප්‍රමාණවත් වනු ඇත.

ස්‌තූතියි


Wednesday, June 30, 2010

කඳුළින් අවසන් වන පෙම් පුවතක

කඳුළින් අවසන් වන පෙම් පුවතක
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ

හිර කරලනු බැරි සෙනෙහ හැඟුම් දිය උතුරා පිටාර යයි
දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ පෙම් සිත බලා හිඳියි
උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස සිඳී බිඳී යා නම්

Read more at http://lyrics.info.lk

Tuesday, October 2, 2007

බ්ලොග් වෙනුවට කෙටිකතා

සිංහල බ්ලොග් කියවීම මගේ විනෝදාංශයක්‌ .
හරි පුදුමයි
http://www.queen.lk/ එකේ තිබුණ කෙටි කතාව කියවලා බ්ලොග් වලට වැඩිය කෙටිකතා කියවීම රසවත් කියලා හිතුණා. ඔයාලත් කියවල බලන්න " කේක්‌ ව්‍යාපෘතිය " ( http://www.queen.lk/?p=61 ) කියන කෙටිකතාව. හැමදාම අළුත් දෙයක්‌ කරන නිරංජන් ට තවතවත් කෙටි කතා ලිවීමට සියලු ශක්‌තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

Monday, July 2, 2007

හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී....

ඔංචිල්ලා තොටිලි කොහින්දෝ
රන් සළුපිලි වළලු කොහින්දෝ
දොයි දොයි පුත ලපටි බිලින්දූ
රන් කඳ රැක දේවී සුරින්ඳූ...

රුසිරෙන් සරු මල්සර පරදා
නුවනින් ගණපති ලෙස සැමදා
තෙරුවන් වැඳ දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසෙකු වීලා
හිතමින් මවගේ කතා - දොයි දොයි දොයිය පුතා

සලකණු පර පණ තම පනසේ
හොර බොරු නොකරනු කිසි දවසේ
ඉපදුණු රට දැය සහ සමයයි
රැක මල පසුවද නම නොමැකෙයි
හිටියොත් හොඳට හැඳී - දෙවියොත් නමට වඳී

මේ සින්දුව අහද්දී මහා පුදුම හැඟීමක්‌ මගේ සිතට දැණුනි. ඒ කෙබඳු හැගීමක්‌ දැයි මට නොහැගේ.මහා සතුටක්‌ මිශ්‍ර දුකක්‌ එහි විය. මෙහි පදරචනය ඊට ගැලපෙන තනුව හා සුජාතා අත්තනායක මහත්මියගේ හඩට මගේ සිත නැළවෙන දරුවෙකු ගේ තත්වයට වැටින.

මේවා කොතරම් අගනා ගීතද ? මේ වගේ වටිනා ගීත දහස්‌ ගණන් අප සතු වුණත්... අනේ අපේ තරුණ පරපුර කකුල් දෙකට විතරක්‌ ගීත අහන හැටි.. මනස කොතරම් විකෘති වෙලාද කියල කීවොත් අර EMINEM ගේ I'm So Sorry Mom කියන ගීතයට මෙලෝ හසරක්‌ නැතුව නටනවා.. නමුත් ඒක විදින්න පුලුවන් සින්දුවක්‌ ද? " මට සමාවෙන්න අම්මේ මම අද රෑට අම්මා මරනවා " කියලා අදහස්‌ කරන ගීතයට පිස්‌සු විකාරෙන් නටනවා මම අනන්ත දැකලා තියෙනවා..
ඒත් ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බෑනේ.

හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී....