Showing posts with label Sinhala Poem. Show all posts
Showing posts with label Sinhala Poem. Show all posts

Tuesday, July 13, 2010

මාර කම්මැලියි..

මට බ්ලොග් එකේ ලියන්න මාර කම්මැලි කමක්‌ නේ තියෙන්නේ. ආසවෙන් පටන් ගත්ත එක දැන් එපා වෙලාවත්ද?
නැ නෑ එහෙම වෙන්න විදිහක්‌ නෑ.. වෙලාව නැති හින්දා වෙන්න ඇති. නිදහස්‌ වෙලාවට කොම්පියුටරේ ගාව ඉන්නවට වඩා වෙනත් දෙයක්‌ කරන්න ආසයි දැන්..
ඒ වුණත් කොහොම හරි මොනවා හරි ලියන්න ඕන..

Wednesday, June 30, 2010

කඳුළින් අවසන් වන පෙම් පුවතක

කඳුළින් අවසන් වන පෙම් පුවතක
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ

හිර කරලනු බැරි සෙනෙහ හැඟුම් දිය උතුරා පිටාර යයි
දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ පෙම් සිත බලා හිඳියි
උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස සිඳී බිඳී යා නම්

Read more at http://lyrics.info.lk

Sunday, November 30, 2008

මම අම්බානක බිසී..

සිංහලෙන් කියනවානම්මම අම්බානක බිසී..

කාර්ය බහුලත්වයෙන් මිදුනු වහාම නැවත ලියන්න ඕන..

Thursday, March 6, 2008

උතුරේ තුරුණු තරුව ශිව ගෞරී නංගියේ ( ஷிவ கௌரீ தங்கச்சி )

වවුනියාවේ ශිව ගෞරී ( ஷிவ கௌரீ ) නංගියේ...
ඔබ වැනි තරු තව කොපමණ ඇතිද ...
කැළේට වී අවි අත දරමින්..

කියන්න පුළුවනි නම් ඔවුනටත්...
ඔය වැඩේ තේරුමක්‌ නැති බව..
යුද්ධයට එහා ලොව සුන්දර බව...

අපේම හාලේ බතට
ආසම මාළු පිනි හදන්
රටේම නෑයො එක්‌ක
අපි ඉන්නවා මග බලන්................

Wednesday, March 5, 2008

Monday, February 18, 2008

අපාය ද දිව්‍ය ලෝකයද ?

ඔබ ජීවිතයේ සුන්දරත්වය දකින්නට
උත්සාහ කරන දා...
අසුන්දරත්වය කෙමෙන් මැකී යනු ඇත...

ජීවිතයේ සතුට සොයා ඔබ යද්දී
අසතුට ලඟා නොවෙනු ඇත...

අපායත්, දිව්‍ය ලෝකයේත් එකවර විසිය නොහැක...

මේ ද්විත්වයෙන් ඔබට තෝරාගත හැක්‌කේ එකකි..
සුදුසු දේ තෝරාගැනීම ඔබ සතුය...

Thursday, February 7, 2008

I Miss You...


මගේ දිවිය පුරාවට
ආදරය යනු කිමැයි උගත්තෙමි
සිනාසෙන්නට, සතුටින් ඉන්නට,
ශක්‌තිවන්ත වීමට උගත්තෙමි
අවංක වන්නට, විශ්වාසවන්ත වන්නට,
සමාව දීමටද උගත්තෙමි..

නමුත් ඔබ නැති පාළුව
මකා ගන්නේ කෙලෙසදැයි
ඉගෙන ගැනීමට
මම තවමත් අපොහොසත් වීමි...