Tuesday, November 20, 2007

ශ්‍රී ලංකා සංචාරක මන්ඩලයේ වෙබ් අඩවිය ගැනයි.



ශ්‍රී ලංක සංචාරක මණ්‌ඩලයේ නිල වෙබ් අඩවිය තුලින් බලාපොරොත්තු විය යුත්තේ.. හැකි තරම් සංචාරකයින් ලංකාවට ගෙන් වා ගැනීමට කටයුතු කිරීම බව ඔබත් මමත් සියළු දෙනා දන්නා සරල කරුණකි. කරුණාකර එම වෙබ් අඩවිය මදකට නරඹන්න.. එහි මුල්පිටුවේ ඉහලින්ම පෙන් වා දී ඇත්තේ..

ලංකාවේ අනුරාධපුර ගුවන් තොටුපල ත්‍රස්‌තවාදීන් විසින් ආක්‍රමණය කර ඇති බවයි..

ලංකාව එන්න හිතාගෙන ඉන්න සංචාරකයෙක්‌ ඉතින් එයිද නිල වෙබ් අඩවියේ ඉහලින්ම මෙසේ කියද්දී.. මෙය පසුගිය මාසයක කාලයක්‌ තිස්‌සේ මෙම වෙබ් අඩවියේ ඉහළින් පළකර තිබේ.. කරුණාකර මෙයට අදාල කවුරුන් හෝ මේ ගැන දැනුවත් කරන්නේ නම් මැනවී.