Monday, February 18, 2008

අපාය ද දිව්‍ය ලෝකයද ?

ඔබ ජීවිතයේ සුන්දරත්වය දකින්නට
උත්සාහ කරන දා...
අසුන්දරත්වය කෙමෙන් මැකී යනු ඇත...

ජීවිතයේ සතුට සොයා ඔබ යද්දී
අසතුට ලඟා නොවෙනු ඇත...

අපායත්, දිව්‍ය ලෝකයේත් එකවර විසිය නොහැක...

මේ ද්විත්වයෙන් ඔබට තෝරාගත හැක්‌කේ එකකි..
සුදුසු දේ තෝරාගැනීම ඔබ සතුය...

Thursday, February 7, 2008

I Miss You...


මගේ දිවිය පුරාවට
ආදරය යනු කිමැයි උගත්තෙමි
සිනාසෙන්නට, සතුටින් ඉන්නට,
ශක්‌තිවන්ත වීමට උගත්තෙමි
අවංක වන්නට, විශ්වාසවන්ත වන්නට,
සමාව දීමටද උගත්තෙමි..

නමුත් ඔබ නැති පාළුව
මකා ගන්නේ කෙලෙසදැයි
ඉගෙන ගැනීමට
මම තවමත් අපොහොසත් වීමි...