Wednesday, May 30, 2007

My Flickr Photo Site - මගේ ෆොටෝ අඩවිය


මට අමතක වෙලා තිබුණ දෙයක්‌ අනුරාධ රත්නවීර මහත්තයා මතක්‌ කරලා දුන්නා. ඔයාට බොහොම ස්‌තූතියි මහත්තයෝ. මොකද මට ෆ්ලිකර් ( Flickr ) වෙබ් අඩවිය අමතක වෙලා තිබුණේ. මම අලුත් පින්තූර ටිකක්‌ දාලා නැවත ෆ්ලිකර් ( Flickr ) වෙබ් එක අළුත්වැඩියා කරා.

http://www.flickr.com/photos/randunu/

මට ඉස්‌සර මාර පිස්‌සුවක්‌ තිබුනේ කැමරාව ඇරගෙන ගම වටේ යන්න. ආමි ( Armi ) එකේ අයියා කෙනෙක්‌ගෙන් ඉල්ලගත්ත කැමා කිට්‌ එක ඇදගෙන මගේ වැඩේ කුරුල්ලො පස්‌සේ දුවන එක. හැබැයි ඉතින් කුරුල්ලොංගෙ ෆොටෝ ( Photo ) වලට වැඩිය වදින්නේ වෙන වෙන ෆොටෝ. ඒ ගත්තු ෆෝටො අපේ ශ්‍රී ලංකා ෆොටෝ ෆ්ලිකර් ග්‍රෲප් එකේ දාල තියෙන්නෙ. සමහර වෙලාවට මම ගත්ත හොඳ ෆොටෝ ( Public )පබ්ලික්‌ එකේ දාන්න පොඩි ලෝබ කමකුත් ඇති වෙනවා. ඉතින් කොම්පියුටර් එකේ පුරවගෙන හිටියා කියලා ඇති ඵලයකුත් නෑනේ. ලඟදි නම් ෆොටෝ ටුවර් ( Photo Tour ) එකක්‌ යන්න බැරි වුණා මොකද මේ දවස්‌වල අතේ වැඩියෙන්ම තියෙන්නේ කැමරාව නෙවෙයි..මගේ ආදරණීය ගිටාර් ( Guitar )එක.

අනුරාධ මහත්තයා මතක්‌ කරාට පස්‌සේ ආයෙත් ෆොටෝ ටුවර් එකක්‌ යන්න ආස හිතුනා. ඒත් කාලය තමා ප්‍රශ්නේ. මේ දවස්‌ වල මට කාලය ෆ්ලැටිනම් ( Platinum ) හා සමානයි. වෙලාවක්‌ ආවෝත් ෆොටෝ අරගෙන අප්ලෝඩ් ( Upload ) කරන්නම්. එතකන් මේ ෆොටෝ ටික බලන්න.

http://www.flickr.com/photos/randunu/

Tuesday, May 29, 2007

මේ සිංහල අපගේ රටයි.

மே சிங்கல அபகே ரடயி
அப இபடென மரென ரடயி
அப கட பண கஹென ரடயி
முளு லொவ ஏ ரடட யடயி

மவ்பிம வெனுவென் டெரணே
டிவிடுன் விரு டருவங்கே
லே வலினுயி மே டெரணே
மினி கெட முது கெட மெவுனே.

ඔන්න ඔන්න ඉතින් රන්දුනු පටන් ගත්තා ජාතිවාදී කතා කියන්න කියලා කවුරු හරි හිතන්න බැරි නෑ. මගේ දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ඇතුළු මෙකී නොකී හැම යාලුවෙක්‌ ම තරහ වෙන්න එපා මේ විදිහට ලියන එකට. නමුත් නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ සින්දුවේ තියෙනවා මහා ගැඹුරු අදහසක්‌. මේක සිංහල රට කියලා කියන එකේ කිසිම වැරැද්දක්‌ නෑ..මොකද සිංහල මිනිස්‌සු ඉන්න ( ඉපදෙන ) එකම රට මේ රට හින්දා.

මගේ අත්දැකීම් අනුව කවුරු හරි සිංහල කම ගැන කථා කරද්දී, හැම විටම ඒ ගැන කතා වෙන්නේ ඔන්න ඔන්න ඉතින් ජාතිවාදය කියලා. හැබැයි අනික්‌ ජාතියක කෙනෙක්‌ කතා කලොත් තම ජාතිය ගැන කථා කරාම,.... අන්න එතකොට ප්‍රශ්නයක්‌ නෑ මොකද ඒවා ගැන කියන්නේ ඒ මිනිසුන් ගේ අයිතියක්‌ නේ තමංගේ ජාතියට හිමි තැන ගැන කතා කරන්න කියලා. කවුරු කොහොම කීවත් මේක ශ්‍රී ලාංකිකයන් ගේ රට.. මෙහි ජීවත්වන බහුතර ජන වර්ගයට එහි විශේෂ අයිතියක්‌ තියෙන්න ඕන. එහෙම කිවුවට අනෙක්‌ ජාතීන්ට අයිතියක්‌ නැහැ කියන එක නෙවේ.

පෘතුගීසී, ලන්දේසී, ඉංග්‍රීසී ඇවිත් තමා මේ රට බේද බින්න කලේ. සමහරු නම් කියනවා සුද්දා ආවේ නැතිනම් අපේ රටේ පාරවල්, කෝච්චී තියා කිසිදෙයක්‌ නැති වෙන්න තිබුණා කියලා. ඒ කතාවෙත් යම් සත්‍යතාවයක්‌ තිබුණට අමතක කරන්න එපා ලංකාවේ අතීතයේ හිටපූ රජවරුන්ට ගුවන් යානා පවා තිබිලා තියෙනවා. ( රාවණා රජ්ජුරුවො ගේ ඳඩු මොණර වාහනේ ) ඒවා සුරංගනා කතා කියලා අහක දාන්න බැහැ මොකද මොකක්‌ හරි ඒ වගේ යන්ත්‍රයක්‌ තිබ්බේ නැතිනම් මේ වගේ කතා ගෙතෙන්නේ නැහැනේ. ඒ වගේම තමා කාශ්‍යප රජුගේ සීගිරිය, සුද්දා ඉඳලද ඒ වගේ නිර්මාණ කරේ. සමහර විට සුද්දා මේහෙ ආවේ නැත්තම් අපි මීට වැඩිය දියුණු වෙලා, රජකෙනක්‌ යටතේ සාර්ථක රාජ්‍යක්‌ වෙන්නත් තිබුණා.. මොන තර්ක ඉදිරිපත් කලත් ඒක එහෙම නොවෙයි කියල කියන්න බැහැ.

කොහොම උණත් මේ මම සිංහල කම ගැන ලියන පළමු හා අවසාන ලිපිය. මගේ යාළුවනේ කිසි කෙනෙක්‌ තරහ වෙන්න එපා මේ විදිහට ලිවුවා කියලා. මේක අන්තවාදී ලිපියක්‌ කියලා තරහ ගන්න එපා. කරුණාකරලා මම කියල තියෙන්නේ මොකක්‌ද කියලා විතරක්‌ හිතට ගත්තාම ඇති.

Top 10 Tips for Great Pictures

Do you wish you were a better photographer?
All it takes is a little know-how and experience.
Keep reading for some important picture-taking tips.

Monday, May 28, 2007

මම දුක්‌විඳලා ගත්ත ෆොටෝ එක



මේ කුරුමිණියාගෙ ෆොටෝ ( Photo ) එක ගන්න මම පුදුම දුකක්‌ වින්දේ. මූ වගේ එක විදිහට ඉන්න බැරි( අපේ කිරි අම්මලා කියන විදිහට "දහංගලේ" එහෙමත් නැත්නම් "තුනිංචිය" ) සතෙක්‌ මගේ ෆොටෝ ජීවිතේ මට හමුවෙලා නැති තරම්. මේ ලී දන්ඩට ෆෝකස්‌ ( Focus ) කරගෙන කොච්චර වෙලා හිටියද, මූ එනවා වහනවා තත්පර භාගයක්‌ වත් ඉන්නෙ නෑ ආපහු යනවා. ගොඩක්‌ ෂොට්‌ ( Shot ) බොඳ ( Blur ) වෙලා වැදුනේ මෙයා ඉගිලෙන ඒවා. පස්‌සෙ අත ඇරලා දාන්නත් හදලා අහම්බෙට වගේ මේ Shot එක වැදුනා.

මේක ලියද්දි මට මතක්‌ වුනේ අපේ කිරි අම්මලාගේ කිරි අත්තලාගේ වචන. අද සමහරු ඔය තුනිංචිය කියන වචනේ එහෙම දන්නෙවත් නැති තරම්. තුනිංචිය කියල කියන්නේ දඟකාර කියන එකටම තමා. මට මතකයි අපේ කිරි අම්මා අපි මොනා හරි වැරදි වැඩක්‌ කරාම බනින්නේ " අනේ මේ බමුණා " කියලා මිසක්‌ දැන් කාලේ වගේ සත්තු වත්තේ සත්තුන් ගේ ( සිංහයා ඇරෙන්නෙ ) නම් කියලා නෙවේ. මම කිවුවේ උදාහරණයක්‌ හැටියට " අනේ මේ බූරුවා/ හරකා / එළදෙන " වගේ. අපේ පැරැණ්‌නන් ගේ බැනුමේ උනත් නම්බුකාරයි කියලයි මට හිතෙන්නේ.

Sunday, May 27, 2007

Sarala Kariyawasam - සරලා කාරියවසම්

ලොව හොඳම ළමා නිළිය වශයෙන් සම්මාන දිනූ සරලා දියණිය ගැන යමක්‌ නොලියා කොහොමද? මම දන්න කාලෙක මෙවැනි සම්මානයක්‌ ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෙන්නේ සරලා.

කලින් සරෝජා චිත්‍රපටියේ රඟපාපු නිත්‍යවණි ටත් සම්මාන ලැබුනා නමුත් මේ සම්මානය ඊට වඩා ලොකු සම්මානයක්‌ බවයි මගේ හැගීම.
කොහොම උණත් ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න ඔබ දුන්න දායකත්වයට මගේ හද පිරි කෘතඥතාවය පුද කර අතරම ඔබේ අධ්‍යාපන කටයුතු මෙන්ම කලා කටයුතුද සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මගේ හද පිරි සුභ පැතුම් !!!

Friday, May 25, 2007

සිංහල සංගීතය සහ මම

මම ගොඩාක්‌ වෙලාවට සර්ව සාධාරණ විදිහට හිතන්ට පුරුදු වෙලා තියෙන්නේ. නමුත් ඒක එච්චර හොඳ දෙයකුත් නෙවෙයි මේ ලෝකේ ජීවත් වෙනකොට. මම ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රය දිහා බලන්නෙත් ඒ ඇසින් මයි. කවුරු කොහොම හිතුවත් මම නම් හැම වර්ගයකම සින්දු වලට ආසයි. ජන ගීත වල ඉදන් හිප් පොප් (Hip Pop) වලට යනකන් තියෙන ඕනෑම එකක්‌ මට රස විදින්න පුලුවන්. හැබැයි ඉතින් ඒ රස වින්දනය හැම එකකටම එක විදියට නැහැ.

මමත් තරමක සංගීතය ගැන දැනුමක්‌ ඇත්තෙක්‌. ඒ මම සංගීත කණ්‌ඩායමක සාමාජිකයෙක්‌ වෙලා හිටපු නිසා මිසක්‌ වෙනම සංගීතය ඉගෙන ගෙන නැහැ. ඇහෙන දකින දේ අත්හදා බලල යමක්‌ ඉගෙන ගත්තා ඇරෙන්න පොතේ දැනුම නම් නැහැ.යම් ගීතයක ගුණ අගුණ එකිනෙකාට පෙනෙන්නේ එක එක විදිහට. හැබැයි ඉතින් ඔය ගුණ අගුණ තෝරන විට හැමෝම අමතක කරන එක දෙයක්‌ තියෙනවා. ඒ ගීතය ලියපු, තනුව හදපු , ගයපු කෙනාගේ දක්‍ෂතාවය මත තමා ගීතය හොදද නරකද කියල තීරණය වෙන්නේ. ප්‍රවීණයෙක්‌ නම් බොහෝ දුරට එම නිර්මාණය සාර්ථක යැයි හැමෝම පිළිගනියි. ආධුනිකයෙක්‌ කරානම් ඉතින් හොඳ නරක දෙකටම එක වගේ පිරිසක්‌ ඒ නිර්මාණය වටා රොක්‌වෙයි.

මම නම් බලන්නේ කාගේ වුණත් උත්සාහ අගය කිරීමත් සමගම එම නිර්මාණය රසවිදින එකයි. මොකද සමහරු යම් නිර්මාණයක්‌ අපෝ ඒක චාටර් කියල අහක දාන අවස්‌තා මම එමටවත් දැකල තියෙනවා. හැබැයි එහෙම කියන කෙනෙක්‌ට සමහර විට කවියක්‌ තියා නිසැදසක්‌ වත් ලියා ගන්න බෑ. ඒ නිසා කවුරු පිලිගත්තත් නැතත් මම නම් මොනයම් හෝ නිර්මාණකරුවෙකුගේ ඒ අහිංසක උත්සාහට නිගරු කරන්නේ නැහැ.

අනුකම්පා සිතින් හරි හැම නිර්මාණයක්‌ ම රස විදින්න පුරුදු වෙන්න.
http://www.malkoha.com/

Thursday, May 24, 2007

What is Sinhala Unicode ? Simple way to understand

සිංහල යුනිකෝඩ් යනු කුමක්‌ද? සරල සිංහලෙන්.
සිංහල යුනිකෝඩ් ( Unicode ) යනු කුමක්‌ද කියා බොහෝ දෙනාට නියම අදහසක්‌ තවම නැහැ. මොකද සරල විදිහට මේ ගැන සඳහනක්‌ අන්තර්ජාලය ( Internet ) තුල සොයා ගන්නට නැති තරම්. මම මෙහි සඳහන් කරන්නේ මට තේරෙන විදිහට සිංහල යුනිකොඩ් යනු කුමක්‌ද කියා පමණයි. මොකද මම කපුටා යුනිකෝඩ් ෆොන්ට්‌ එක හදනකොට ලැබුණු අත්දැකීම් වලින් පමණයි මේ ලියන්නේ.

අපිට ඉස්‌සර සිංහල ෆොන්ට්‌ ( Font ) කියල තිබුනේ කැන්ඩි, අරලිය, සන්ද්‍යා, තිබස්‌ වැනි අකුරු විශේෂයන්. මේ සියල්ලක්‌ම ඒ ඒ නිර්මාණ ශිල්පියා හෝ ආයතනයේ ප්‍රමිතියකට අනුව නිපදවපු අකුරු. මේවට ඇංසි ෆොන්ට්‌ ( Ansii ) කියලත් කියනවා. මේ හේතුව නිසා එක ෆොන්ට්‌ වර්ගයකින් කරන ලිපියක්‌ තවත් ෆොන්ට්‌ වර්ගයක්‌ තියෙන කොම්පියුටර් එකක බලන්න බෑ. හරියට බලි රූප වගේ පෙනෙන්නේ. උදාහරණයක්‌ ලෙස කියනවා නම් කැන්ඩි ෆොන්ට්‌ එකෙන් කරපු ලිපියක්‌ සන්ධ්‍යා ෆොන්ට්‌ එක තියෙන කොම්පියුටර් එකකින් බලනකොට ඒක පේන්නේ තේරුම් ගන්න පුලුවන් විදිහට නෙවෙයි. සිංහලෙන් කියනවනම් මහ අංජබජල් විදිහට තමා ඒව පෙන්නුම් කරන්නේ. ඉතින් මේ යුනිකෝඩ් ආවට පස්‌සේ ඒ වගේ ප්‍රශ්නයක්‌ නැහැ. මොකද කපුට යුනිකොඩ් ගත්තත් ඉස්‌කෝල පොත හෝ මලිති වෙබ් ෆොන්ට්‌ ගත්තත් යුනිකෝඩ් වගුවේ ( Unicode Table ) එකම ස්‌ථානයක තමා මේවා හදල තියෙන්නේ.

ඒ කියන්නේ සිංහල 'අ' අකුරට යුනිකොඩ් වගුවේ හිමි අංකය ( ස්‌ථානය ) ( U+0D85 ) මොන සිංහල යුනිකෝඩ් ෆොන්ට්‌ එකක උනත් තියෙන්නේ එකම තැනක. මේ හේතුව නිසා සිංහල යුනිකෝඩ් වලින් කරන ලද ලිපියක්‌ ඕනෑම තැනක කිසිම ප්‍රශ්නයක්‌ නැතුව පෙන්නුම් කරනවා.

යුනිකොඩ් වගුවේ එක්‌ එක්‌ භාෂාවන්ට හිමි රේංජ් ( Range ) එකක්‌ තියෙනව. ඉන් අපේ සිංහල භාෂාවට හිමි රේංජ් එක වන්නේ ( U+0D80 – U+0DFF )

හැබැයි ඉතින් ඔය සිංහල යුනිකෝඩ් හරියට තාම හැම කොම්පියුටරයකම පෙනෙන්නේ නෑ. ඒකට විසදුම හෝයා ගන්න මෙන්න මේ වෙබ් ලිපිනය මගින් පුලුවන්.
http://www.info.lk/slword/kaputaunicode.htm

මේක ඇස ගැටෙන හරි කාට හරි මේ පිලිබඳ තවත් අපැහැදිලි නම් මට ලියන්න. මම පුලුවන් විදිහට කියලා දෙන්නම්. හැබැයි ඉතින් විද්වතෙක්‌ ගේ පැහැදිලි කිරීමක්‌ නම් බලාපොරොත්තු වෙන්න එපා.

පලමු වතාවට බ්ලොග් ලියමි

බ්ලොග් කියලා අහල දැකල තිබුණට තවමත් මට හරි අදහසක්‌ නෑ මොනවට මේ බ්ලොග් ලියනවද කියලා. හොදම දේ තමයි බ්ලොග් ලියලම තමයි මේක ගැන දැන ගන්න වෙන්නේ. ඒ නිසා මම හිතුවා දිගට හරහට බ්ලොග් ලියලම පුරුදු වෙන්න. මම හිතන්නේ මේ වගේ වල්පල් වගේම වැදගත් වෙන දේවල් ලියලා බ්ලොග් සයිට්‌ එකේ පෝස්‌ට්‌ කරන එක තමා මේ බ්ලොග් වල අරමුණ..

First Time in Blog

I've heared about this blog thing long years ago. But still i don't have a good idea by Keeping a blog site. I've also surf so many blog sites of my friends. But why this is..

Okey.. So i thought the best to learn what is Blogs ? is been with a Blog.
So.... This is my first Posting to My blog and I'm going to Learn about this Blog Site A-Z.