Tuesday, May 29, 2007

මේ සිංහල අපගේ රටයි.

மே சிங்கல அபகே ரடயி
அப இபடென மரென ரடயி
அப கட பண கஹென ரடயி
முளு லொவ ஏ ரடட யடயி

மவ்பிம வெனுவென் டெரணே
டிவிடுன் விரு டருவங்கே
லே வலினுயி மே டெரணே
மினி கெட முது கெட மெவுனே.

ඔන්න ඔන්න ඉතින් රන්දුනු පටන් ගත්තා ජාතිවාදී කතා කියන්න කියලා කවුරු හරි හිතන්න බැරි නෑ. මගේ දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ඇතුළු මෙකී නොකී හැම යාලුවෙක්‌ ම තරහ වෙන්න එපා මේ විදිහට ලියන එකට. නමුත් නන්දා මාලනී මහත්මිය ගායනා කරන මේ සින්දුවේ තියෙනවා මහා ගැඹුරු අදහසක්‌. මේක සිංහල රට කියලා කියන එකේ කිසිම වැරැද්දක්‌ නෑ..මොකද සිංහල මිනිස්‌සු ඉන්න ( ඉපදෙන ) එකම රට මේ රට හින්දා.

මගේ අත්දැකීම් අනුව කවුරු හරි සිංහල කම ගැන කථා කරද්දී, හැම විටම ඒ ගැන කතා වෙන්නේ ඔන්න ඔන්න ඉතින් ජාතිවාදය කියලා. හැබැයි අනික්‌ ජාතියක කෙනෙක්‌ කතා කලොත් තම ජාතිය ගැන කථා කරාම,.... අන්න එතකොට ප්‍රශ්නයක්‌ නෑ මොකද ඒවා ගැන කියන්නේ ඒ මිනිසුන් ගේ අයිතියක්‌ නේ තමංගේ ජාතියට හිමි තැන ගැන කතා කරන්න කියලා. කවුරු කොහොම කීවත් මේක ශ්‍රී ලාංකිකයන් ගේ රට.. මෙහි ජීවත්වන බහුතර ජන වර්ගයට එහි විශේෂ අයිතියක්‌ තියෙන්න ඕන. එහෙම කිවුවට අනෙක්‌ ජාතීන්ට අයිතියක්‌ නැහැ කියන එක නෙවේ.

පෘතුගීසී, ලන්දේසී, ඉංග්‍රීසී ඇවිත් තමා මේ රට බේද බින්න කලේ. සමහරු නම් කියනවා සුද්දා ආවේ නැතිනම් අපේ රටේ පාරවල්, කෝච්චී තියා කිසිදෙයක්‌ නැති වෙන්න තිබුණා කියලා. ඒ කතාවෙත් යම් සත්‍යතාවයක්‌ තිබුණට අමතක කරන්න එපා ලංකාවේ අතීතයේ හිටපූ රජවරුන්ට ගුවන් යානා පවා තිබිලා තියෙනවා. ( රාවණා රජ්ජුරුවො ගේ ඳඩු මොණර වාහනේ ) ඒවා සුරංගනා කතා කියලා අහක දාන්න බැහැ මොකද මොකක්‌ හරි ඒ වගේ යන්ත්‍රයක්‌ තිබ්බේ නැතිනම් මේ වගේ කතා ගෙතෙන්නේ නැහැනේ. ඒ වගේම තමා කාශ්‍යප රජුගේ සීගිරිය, සුද්දා ඉඳලද ඒ වගේ නිර්මාණ කරේ. සමහර විට සුද්දා මේහෙ ආවේ නැත්තම් අපි මීට වැඩිය දියුණු වෙලා, රජකෙනක්‌ යටතේ සාර්ථක රාජ්‍යක්‌ වෙන්නත් තිබුණා.. මොන තර්ක ඉදිරිපත් කලත් ඒක එහෙම නොවෙයි කියල කියන්න බැහැ.

කොහොම උණත් මේ මම සිංහල කම ගැන ලියන පළමු හා අවසාන ලිපිය. මගේ යාළුවනේ කිසි කෙනෙක්‌ තරහ වෙන්න එපා මේ විදිහට ලිවුවා කියලා. මේක අන්තවාදී ලිපියක්‌ කියලා තරහ ගන්න එපා. කරුණාකරලා මම කියල තියෙන්නේ මොකක්‌ද කියලා විතරක්‌ හිතට ගත්තාම ඇති.

2 comments:

දසුන් සමීර වීරසිංහ said...

රාවණා රජ්ජුරුවෝ ගේ ගුවන් යානය නවත්තපු ගුවන්තොටුපොල තිබිලා තියෙන්නේ වරියපොල නමින්ම කියවෙන ආකාරයට ‍වා රිය යනු වා තයේ ගමන් කරන රිය නිසා.ඒ නිසා වාරියපොල වුනා. රාමායනය ලියලා තියෙන්නේ ඉන්දියාවේ එහි කතුවරයා රාමව උසස් කරන්න සතුරා ගේ ප්‍රබලතාවය සටහන් කරතිබෙනවා. තවදෙයක් මන්නාරම් පාලම හදලා තියෙන්නේ රාවණා රජ්ජුරුවෝ රාම රජු නොවෙයි.

Anuradha Ratnaweera said...

කොහේදෝ රටක කියමනක් තියෙනවා "පොහොසත් පවුලක් දුප්පත් බවට පත් වුනත් එහි වැදගත් කම නැති වීමට තවත් පරම්පරා තුනක් ගතවන බවත්, දුප්පත් පවුලක් පොහොසත් වූ පසු වැදගත් පවුලක් වීමට තවත් පරම්පරා තුනක් ගතවන බවත්".

දුප්පත් පොහොසත් කමත් වැදගත් නොවැදගත් කමත් අතර සම්බන්ධයක් ඇතැයි කියා මම හිතන්නේ නැහැ. ඒත් මේ කියමනේ තියෙන එක අදහසක් නම් ඇත්ත.

සමහර දේවල් ලැබුනට, ඒක හරියටම ලබා ගන්නට, ඒකෙ අගය දැන ගන්නට, ඒක හරියට භුක්ති විඳින්න, තව බොහෝ කාලයක් ගත වෙනවා.

හරියට අපිට ලැබිල තියෙන නිදහස වගේ.

අපේ රටේ ඉන්නව ගොඩාක් අය සුද්දන් මේ රටේ හිටියෙ නැතිනම් අපි මොකුත් නොකර ඉඳියි කියල හිතන. අර කියුව වගේ, නිදහස ලැබුනට, නියම අදීන, නිදහස් ජාතියක් වෙන්න තව පරම්පරා ගනනක් යයි කියලයි එතකොට මට නම් හිතෙන්නෙ.

අරලිය ගහ මන්දිරය (හෝ ජනාධිපති මන්දිරය, හරියටම කෝකද කියල මතක නැහැ) ඉදිරියේ ලඟක් වෙනකන් වික්ටෝරියා රැජිනගේ පිලිමයක් තිබුනා. ගූගල් අර්ත් වලත් ඒක තිබුනා. නිදහස ලැබිලා අවුරුදු ගනනක් යනකම්ම රටේ ප්‍රධාන නිල නිවසක ප්‍රධාන සංකේතාත්මක උද්‍යාන අලංකරණයක් වුනේ අපිව යටත් කරගෙන හිටපු රටක නායිකාවක්! නමුත් පුදුමය එය නොවෙයි. ඒක ඉවත් කිරීම ගැන අප්‍රසාදය පල කරපු ශ්‍රී ලාංකිකයෝ ගැනත් මම දන්නවා!