Friday, June 29, 2007

අහසේ හමුවන තැන කොතැනේ..


සියොතුනේ උතුරින් මෙහි එන පියඹා
සියතුනේ දකුණින් එහි යන පියඹා
උතුරේ දිනු ගම් පිරා..
දකුණෙ උන් හා..
අහසේ හමුවන තැන කොතැනේ..

ඇන්ඩා ගේ මේස්‌ කුට්‌ටම

ගුරුතුමිය : ආ ඇන්ඩර්සන් ඔයා හරි අමුතුම විදිහේ මේස්‌ කුට්‌ටමක්‌ ඇඳගෙන. එකක්‌ රතු පාට අනික කෝල පාට..මොකද මේ?

ඇන්ඩා :
ඒක තමයි ටීචර් හරි අමුතුයි. මට මේ වාගේම තවත් මේස්‌ කුට්‌ටමක්‌ ගෙදර තියෙනවා.

Wednesday, June 27, 2007

පොයියන්ගම

"පොයියන්ගම" මේ වචනෙ දැක්‌ක ගමන් ඔබ තුස්‌නිම්භූත වූවාට සැකයක්‌ නැත. අපේ ගම් වල අභාවයට යන තවත් පැරණි වචනයක්‌ මතක්‌ වුණා. පොයියන්ගම කියලා කියන්නේ විකාර නටනවා ( පිස්‌සු කෙලිනවා ) කියන එකට. මට මතකයි අපේ කිරි අම්මා අපි මොනා හරි විකාර වැඩ කරන විට මේ මොන පොයියන්ගමක්‌ ද කියලා කියනවා.

ඒ වගේම ඔය ඉස්‌සර ගම්වල පෙන්නන නාඩගම් වල නාට්‍ය කාරයන්ටත් පොයියන්ගන් කාරයෝ කියලා කියනවා.
හැබැයි ඉතින් එහෙම කියන්න ඇත්තේ විකාර නැටුම් නිසාම නොවෙන්නත් පුළුවන්.

Tuesday, June 26, 2007

රසල් ඔබට සුභ පැතුම්

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට මහා මෙහෙවරක්‌ ඉටුකරමින් නම්බුකාර විදිහට ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියෙන් සමුගත් ඔබ විස්‌තර විචාරකයෙකු හැටියට ඔබේ දස්‌කම් මැනවින් ඉටු කරනු දැකීම අපට මහත් ආඩම්බරයකි. ප්‍රවීණයන් අතර ඔබේ විස්‌තර විචාරයේ ආධුනිකයෙක්‌ ලෙස කිසිවෙකුට නොහැඟෙන පරිදි ඔබගේ විස්‌තර කථනය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට මහත් අභිමානයක්‌.

ඔබට දීර්ඝ ගමනකට උණුසුම් සුභ පැතුම්

Thursday, June 21, 2007

මහෙලගේ මස්‌තේ කැඩූ බර්මියුඩාවේ තඩියා

ක්‍රිකට්‌ ලෝක කුසලාන තරගාවලියට ආධුනිකයන් උනත්, මෙවර ලෝක කුසලානයේදී බොහෝ දෙනාගේ අවධානයට ලක්‌වුණු ක්‍රීඩකයන් අතරට බර්මියුඩා රටේ ලිවර්රොක්‌ ක්‍රීඩකයා සමත්වුනා. ඒ ඔහුගේ තරබාරූ කම නිසා. තරබාරූ කම ක්‍රීඩකයෙකු වීමට බාධාවක්‌ උවත් මේ දැවැන්ත ක්‍රීඩකයාගේ දක්‍ෂතාවය යම් උසස්‌ මට්‌ටමක පැවතුනා. ක්‍රීඩා පිටිය තුල විචිත්‍ර රංගනයක්‌ ඉදිරිපත් කරමින් ඔහු බොහෝ ක්‍රීඩා ලෝලින් ගේ ආදරයට හා අවදානයට පාත්‍ර වුණා. ඔහු වෘත්තියෙන් පොලිස්‌ නිලධාරියකු ද වෙනවා.

මම මොහු ගැන ලියන්න ගත්තේ, එක්‌ විශේෂ කාරණාවක්‌ නිසා. අපේ ක්‍රිකට්‌ නායකයා, මහෙල ලෝක කුසලානයට පෙරාතුව, නායකයෙකු හැටියට ලෝකයේ ඉහලම මට්‌ටමට පැමිණ සිටියත් පිතිකරුවෙකු හැටියට දිගින් දිගටම අසාර්ථක වෙමින් හිටියේ. ඔහු ලෝක කුසලානයට පෙර පැවති බොහෝ තරඟ වලදී පන්දුවට පහරදීමට පැමිණ පන්දු 3 , 4ක්‌ ඇතුලත ස්‌ලිප් ස්‌ථානයට උඩපන්දුවක්‌ දෙමින් දැවී ගිය අයුරු ක්‍රිකට්‌ තරඟ නරඹන ඔබට මතක ඇති.

බර්මියුඩාව සමග පැවති පළමු තරඟයේදීම මහෙල පිටියට පැමිණි විලස සුපුරුදු උඩපන්දුව ලබා දුන්නා. හැබැයි අපේ කතානායක ලිවර්රොක්‌ එම පහසු උඩ පන්දුව අත හැරියා. මේ හේතුව නිසා මහෙල ගේ තිබුණු සියලු දෝශ දුරු කරමින් ලෝක කුසලානය පුරාවට හා ඉන් අනතුරුව පැවති හැම තරඟයකදීම සාර්ථක පිතිහරඹයක නිරත වුණා. මහෙල යලිත් පිතිකරණය අතින් සාර්ථක වීම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට මාහැගි උපකාරයක්‌.

මෙවැනි අවස්‌තාවලදී අපේ ගම් වල භාවිතා වෙන විදිහට මම මේ බ්ලොග් සටහනේ මාතෘකාව ලියලා තියෙන "මහෙලගේ මස්‌තේ කැඩූ තඩියා" කියන එකේ අදහස දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති. කොහොම වුණත් ලිවර්රොක්‌ අපේ ක්‍රිකට්‌ වලට කලේ ලොකු උපකාරයක්‌. ඔහුට මගේ හෘදයාංගම ස්‌තූතිය පුද කරමි.

Monday, June 18, 2007

පරිගණක පරිභාෂිත වචන වලට සිංහල වදන් එකතුව

අදහසක්‌ පමණි.

පරිගණක සම්බන්ධ පාරිභාෂිත වචන සියල්ලකටම සිංහල වචන යෝජනා කිරීම හා යොදා ගැනීම ඉතා හොඳ කටයුත්තකි.එහි අරමුණ වන්නේ සිංහල පමණක්‌ දන්නා හෝ මද පමණින් ඉංග්‍රීසී භාවිතා කරන්නන්ට සමත් අයට පරිගණකය භාවිත කිරීමේදී අත්විදීමට සිදුවන අපහසුතාවයන් මග හරවා ගැනීමට උපකාරයක්‌ වශයෙනි. දැනටමත් අප යොදා ගන්නා වචනවල කිසි අඩුපාඩුවක්‌ මම නොදකිමි. නමුත් ඒ වචන කොතෙක්‌ දුරට සරල දැයි මට ඇත්තේ ප්‍රෙහෙලිකාවකි. මන්ද යොජනාවී ඇති හා යොදාගන්නා සමහරක්‌ සිංහල වචන සරල නොවන බව මගේ හැගීමයි. ඒ වාගේම සරල සිංහල වචන සමහර වදන් සඳහා නොමැති බවද මම දනිමි. ඉතින් එවැනි වචන සඳහා ඉංග්‍රීසි නමම සිංහලෙන් ලිවීම සුදුසු යැයි මම සිතමි.

මෙවැනි දෑ අන්තර්ජාලයේ බ්ලොග් වල ලිවීම ඉතාම භයානක කටයුත්තක්‌ බව මම දිනිමි. මන්ද යත් විවිධ මතිමතාන්තර දරනවුන් විසින් විව්ධ අයුරින් තේරුම් ගැනීමට උත්සාහ කරන බැවිනුත් ඉන් මඩ වරුෂා නෑමට සිදුවන බැවිනුත් ය. එහෙයින් මෙය මගේ අදහසක්‌ පමණක්‌ බවත් පරිගණක භාෂාවට සිංහල වදන් එකතු කරන්නන්ට හා යෝජිතයන් කෙරෙහි අකුල් හෙලීමක්‌ නොවන වග කරුණාවෙන් සලකන්න.

තනකොළ නොබුදිති සිංහ පැටවු..



සති අන්තයේ දෙහිවල සත්තුවත්ත බැලීමට ගියෙමි. ඉතාම කුඩා කාලයේ සත්තු වත්ත නරඹා ඇතිමුත් ඒ ගැන හාංකවිසියක වත් මතකයක්‌ මගේ සිතේ නොතිබිණි.
අහෝ සිංහයන් සැබැවින් දුටිමි. නොයෙක්‌ ආකාරයේ සතුන් එහි සිටියත් මා සිත් ගත්තේ ගාම්භීර සෙයියාවෙන් ඔබ මොබ යන සිංහ රාජයාය.

සිංහයකු වීමේ ආඩම්බරය සියැසින් දුටිමි.

දෙමලිච්චාගේ කුලල් කා ගැනීම - Yellow Billed Babbler


දෙමලිච්චා එහෙමත් නැත්නම් Yellow Billed Babbler අපිට ගෙවත්තේ නිතර දකින්නට ලැබෙන සුලභ පක්‍ෂියෙකි. දෙමලිච්චො අතරත් භූමිය පිළිබඳ යුද්ධ ඇති බව ඔබ දන්නවාද?

මෙම කුරුළු විශේෂය රංචු වශයෙන් ජීව්ත්වන අතර ඒ ඒ රංචු තම රංචුවට අදාල කොටසක තම අනසක පතුරුවා ගනිමින් ජීවත් වෙති. එම කොටස සාමාන්‍යයෙන් වතු 2,3 කට සීමා වේ. වෙනත් රංචුවකට අයත් දෙමලිච්චෙක්‌ තමන්ට අයිති භූමී ප්‍රදේශයට ඇතුළු වුවහොත් ඔවුන් යුධ ප්‍රකාශ කරති. එවිට ඇතිවන්නේ මහත් කලහකාරී සටනකි. එකම වර්ගයකට අයත් කුරුළු විශේෂයක්‌ වුවත් ඔවුන් අතරත් දරුණු ගැටුම් ඇතිවේ.

දෙමලිච්චාට මේ නම දැම්මේ කව්ද දන්නේ නෑ ????


Monday, June 11, 2007

අප්පච්චිට නිවන් සැප ලැබේවා.

අද ජූනි මාසේ 11 වෙනිදා, අදට අපේ අප්පච්චි අප අතරින් සමුගෙන අවුරුදු 8 යි. ඒ කියන්නේ 1999 ජූනි 11 වෙනිදා තමා අපේ අප්පච්චි අප අතරින් සදහටම සමුගත්තේ.

ඔබ වෙනුවෙන් වසරක්‌ පාසාම කරන දානමය පුන්‍ය කර්මය මෙවරත් අපි 17 වෙනි දින කුණ්‌ඩසාලේ මහමෙවුනා පංසලේ දී සිදු කරනවා. සසර වසන තුරු ඔබ අපගේම අප ඔබගේම වේවා.
චතුරාර්ය සත්‍ය අවබෝධ වී ඔබට නිවන් සැප ලැබේවා.
ඔබේ ආදරණිය බිරිඳ මාලනී ගොඩකුඹුර ඇතුලු දරුකැල ජාලිය, නිලන්ත, තුසිත, සාලිය

Thursday, June 7, 2007

පාලී භාෂාව මුල සිට

ගෞතම බුද්ධ රාජ්‍ය වෙබ් අඩවිය මගේ ඇස ගැටුනේ, මම මගේ නම ගූගල් හී Search කරනවිට. ඒත් මම පුදුම වුණා ඒ කොහොමද මගේ නම මේ වෙබ් අඩවියට ගියේ කියලා. පස්‌සේ තමා වැටහුණෙ ඔවුන් ගේ මෙම වෙබ් අඩවිය සඳහා කපුටා සිංහල යුනිකේත භාවිතා කරන බැවින් මගේ නමත් ඒ අතරට සම්බන්ධ වෙලා. මට කියාගන්න බැරි සතුටක්‌ දැනුනා මොකද පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානද්ද හිමිපාණන් ඇතුලු මහමෙවුනා අසපු තුලින් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට කරන සේවය අපිරිමිතයි.

මම මේ වියුණ සටහන ලියන්න ගත්තේ පාලී භාෂාව ඉගෙන ගන්න කැමති අයට ඔන්න මහමෙවුනා වෙබ් අඩවියේ ඉතා පැහැදිලි හා අගනා ලිපි පලවෙනවා.

මෙන්න එහි වෙබ් ලිපිනය : http://www.gautamabuddha.org/pali_lesson_index.htm

Sinhala Unicode : U+0D80 - U+0DFF

The Sinhala Script, also known as Sinhalese, is used to write the Sinhala Language, the majority language of Sri Lanka, formerly Ceylon. It is also used to write the Pali and Sanskrit languages. The script is a descendant of Brahmo and resembles the scripts of Sount india in form and Structure.

Sinhala differs from other languages of the region in that it has a series of prenasalized stops that are distinguished from the combination of a nasal followed by a stop. In other words, both forms occur and are written differently.

for example:
අඬ [ U0D85 + U0DAC ] - a.Nda "sound" versus
අණ්‌ඩ [ U0D85 + U0DAB + U0DCA + U0DA9 ] - a.n.da "egg".

In addition, Sinhala has separate distinct signs for both a short and long low front vowel sounding similar to the initial vowel of the English word "apple," usually represented in IPA as U00E6( ae ). The Independent forms of these vowels are encoded at U0D87 and U0D88; the corresponding dependent forms are U0DD0 and U0DD1.Because of these extra letters, the encoding for sinhala does not precisely follow the pattern established for the other indic scripts ( Eg : Devanagari ), but does use the same general structure, making use of phonetic order, matra reordering, and use of the virama ( U0DCA sinhala sign al-lakuna) to indicate conjunct consonant clusters. Sinhala does not use half-forms in the Devanagari manner, but does use many ligatures.

http://www.kaputa.com/sinhalaunicode

Monday, June 4, 2007

විහිලු කාටුන් - Funny toons








බටනලාව - The Flute

එක්‌තරා පියෙකු කෝප සහගත මුහුණෙන් යුතුව සංගීත භාණ්‌ඩ විකුණන වෙළද සැලක්‌ වෙත පැමිණියේය. එහි වෙළද මහතා ඇමතූ ඔහු මෙසේ කියා සිටියේය.

පියා : මොකද මනුස්‌සයෝ තමුසේ කරලා තියෙන මේ පිස්‌සු වැඩේ. තමුසේ මගේ පුතාව රවට්‌ටලා රුපියල් 100කට මේ වැඩකට නැති බටනලාව විකුණලා තියෙන්නෙ?
වෙළඳ මහතා : ඇයි මහත්තයෝ මොකද බටනලාවට වෙලා තියෙන්නේ ?
පියා : මොකද වෙලා තියෙන්නේ තමා, බලනවා මේ බටනලාවේ හැමතැනම හිල් විදලා

හහ් හහ් හා.....

Friday, June 1, 2007

සිංහල සින්දු වල ස්‌වර ප්‍රස්‌තාර - Sinhala Music Notation

සිංහල සින්දු වල ස්‌වර ප්‍රස්‌ථාර තියෙන වෙබ් අඩවියක්‌ හොයාගන්න වත් නැති තරම්. ඉතින් මම හිතුවා අපේ ( කපුටා එකේ ) සංගීත වෙබ් අඩවියේ , ඒ කියන්නේ මල්කොහා වෙබ් අඩවියේ සංගීත ස්‌වර ප්‍රස්‌ථාර වලටම වෙනම අංශයක්‌ එකතු කරන්න. අනික අවුරුදු ගාණක්‌ සංගීත කණ්‌ඩායම් වල සෙල්ලම් කරලා එකතු වුණ ස්‌වර ප්‍රස්‌ථාර ටික නිකම්ම වේයෝ කනවට වැඩිය හොඳයි කාට හරි ප්‍රයෝජනවත් වෙන වැඩක්‌ කරන එක.

ඉතින් තවම ප්‍රස්‌ථාර ස්‌වල්පයයි එකතු කරන්න ලැබුනේ. ඉදිරියේදී මා සතු සියල්ලම මේ අඩවිය මගින් එළි දක්‌වන්න මම බලාපොරොත්තු වෙනවා.ගිටාර් ගහන, ආධුනික සංගීත කණ්‌ඩායම් වල නංගිලා, මල්ලිලා, අයියලා, අක්‌කලා, නැන්දලා, මාමලා විතරක්‌ නෙවෙයි ආචිචිලා සීයලාට උණත් මේ වෙබ් අඩවිය ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා.

http://www.malkoha.com/notation.php