Monday, June 18, 2007

පරිගණක පරිභාෂිත වචන වලට සිංහල වදන් එකතුව

අදහසක්‌ පමණි.

පරිගණක සම්බන්ධ පාරිභාෂිත වචන සියල්ලකටම සිංහල වචන යෝජනා කිරීම හා යොදා ගැනීම ඉතා හොඳ කටයුත්තකි.එහි අරමුණ වන්නේ සිංහල පමණක්‌ දන්නා හෝ මද පමණින් ඉංග්‍රීසී භාවිතා කරන්නන්ට සමත් අයට පරිගණකය භාවිත කිරීමේදී අත්විදීමට සිදුවන අපහසුතාවයන් මග හරවා ගැනීමට උපකාරයක්‌ වශයෙනි. දැනටමත් අප යොදා ගන්නා වචනවල කිසි අඩුපාඩුවක්‌ මම නොදකිමි. නමුත් ඒ වචන කොතෙක්‌ දුරට සරල දැයි මට ඇත්තේ ප්‍රෙහෙලිකාවකි. මන්ද යොජනාවී ඇති හා යොදාගන්නා සමහරක්‌ සිංහල වචන සරල නොවන බව මගේ හැගීමයි. ඒ වාගේම සරල සිංහල වචන සමහර වදන් සඳහා නොමැති බවද මම දනිමි. ඉතින් එවැනි වචන සඳහා ඉංග්‍රීසි නමම සිංහලෙන් ලිවීම සුදුසු යැයි මම සිතමි.

මෙවැනි දෑ අන්තර්ජාලයේ බ්ලොග් වල ලිවීම ඉතාම භයානක කටයුත්තක්‌ බව මම දිනිමි. මන්ද යත් විවිධ මතිමතාන්තර දරනවුන් විසින් විව්ධ අයුරින් තේරුම් ගැනීමට උත්සාහ කරන බැවිනුත් ඉන් මඩ වරුෂා නෑමට සිදුවන බැවිනුත් ය. එහෙයින් මෙය මගේ අදහසක්‌ පමණක්‌ බවත් පරිගණක භාෂාවට සිංහල වදන් එකතු කරන්නන්ට හා යෝජිතයන් කෙරෙහි අකුල් හෙලීමක්‌ නොවන වග කරුණාවෙන් සලකන්න.

2 comments:

Anandawardhana said...

මමත් ඹබේ අදහසට මූලික වශයෙන් එකඟයි.
http://webalochana.blogspot.com/2007/04/blog-post_25.html

Danishka said...

ඔබගේ අදහස හරි, අපට ක්‍රම දෙකක් තියෙනවා.
translate , transliterate මෙමක්‍රම දෙකම භාවිතා වුවත් බොහෝ අවස්තාල පළමු ක්‍රමය භාවිතා කරනවා.

කමක් නැ.. නැවොත් හොඳගන්න පුලුවන්... ;-)

ස්තුතියි,
ඩනිෂ්ක