Wednesday, December 5, 2007

මා දුටු සොකරි

පසුගිය නොවැම්බර් 30 වැනි දින ශිල්ප සයුර ( අප ) සමූහය විසින් සංවිධානය කර තිබූ සොකරි මංගල්‍යය බැලීමී. ඒ අත්දැකීම පිළිබඳ යමක්‌ නොලියම බැරිය. මන්ද යත් එවැනි වෙනස්‌ අත්දැකීමක්‌ පිළිබඳව යමක්‌ ලිවිය යුතුමය. එය අප මේ ගෙවන ව්‍යාකූල දිවියට ඇත්ත වශයෙන්ම Change එකක්‌ විය. කොළඹ 7 දී මෙය රඟ දැක්‌වූවද මදකට හෝ මේ කොළඹදැයි මට නොහැගිණ.. ඒ හෝරා කිහිපය ඇත්ත වශයෙන්ම ගමේ ජීවත් වුණෙමි. ගැමි දිවියේ සරල බාවයත් නගර දිවියේ සංකීර්ණත්වය අතර ඇති පරතරය කෙතරම් දැයි මට හැගිණ.

ඇත්තෙන්ම කෙතරම් අගනා ජන සංස්‌කෘතියක්‌ අපට හිමිදැයි හැගී යන්නේ මෙවැනි විරල ජන නාටකයක්‌ හෝ ගැමි නැටුමක්‌ නෙත ගැටුනු විටය. එවැනි දෑ රැකගත යුතුයැයි අපට හැගෙන්නේද එවැනි අත්දැකීමක්‌ ලද විට පමණි.

අද ඕනෑම යමක්‌ ජනප්‍රිය කරවීම ජනමාධ්‍ය වලට සුළු කාරනයකි. අවාසනාවට අප සතු කිසිම මාධ්‍යක්‌ මෙවැනි ගැමි නාටක හා ජනනාටක වලට එවැනි ජනප්‍රිය භාවයක්‌ හෝ ඒ ගැන දැනුවත් කිරීමක්‌ කිරීමට උන්න්දුව අවමය. ජනමාධ්‍ය මගින් ප්‍රචලිත කරවා අද කරලියට එන "තරු" ප්‍රසංගයක එක්‌ විනාඩි කිහිපයක්‌ සඳහා අයකරන මුදලට වඩා 90% අඩු මුදලකට මෙම ගැමි නාටක කණ්‌ඩායම එළිවෙනතුරු එය රඟදැක්‌වූ අයුරුනම් ප්‍රසංශනීයයි.