Wednesday, August 8, 2007

තවත් නව සිංහල බ්ලොග් වියුණක්‌

රංජන් ගේ සිතුවිලි නමින් නව සිංහල බ්ලොග් අඩවියක්‌ මා නෙත ගැටුනා. ඉතා හරවත් ලිපියකින් හොඳ ආරම්භයක්‌ රැගෙන එන මේ වියුණ සටහන් පෙළ පිළිබඳ දැනුවත් කිරීමකි මේ...
http://balagolla.blogspot.com

Friday, August 3, 2007

ආදරණීය අප්පච්චිට

පිය පදවිය ලදදා...
මමද අත් වින්දෙමි
මා ඉපදුනු දා
ඔබ ලද සතුට සොම්නස

සමුගත් නමුදු
අපේ ලෝකෙයෙන්
කියන්නෙමි ඔබට ඇසෙන ලෙසින්
ලොවට හඞගා...
මමත් පියෙකි අද අප්පච්චි