Monday, July 30, 2007

මම උත්තරීතර පිය පදවිය ලදිමි

ජූලී මස 29 දින මගේ ජීවිතයට වැදගත් සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කරමින්,
මගේ බිරිඳ මට පුත් කුමාරයෙක්‌ දායාද කළා.. මේ සතුට කියා නිම කිරීමට බැරි තරම් ය. පසුව විස්‌තර හා පින්තූර ඉදිරිපත් කරන්නම්.

රෝස මලෙන් පාට අරන්
පිච්ච මලේ සුවඳ අරන්
සුරංගනා ලොවක ඉඳන්
මගෙ පුතු ගෙදරට ආවා...

නව සිංහල බ්ලොග් අඩවියක්‌

සෙනෙහස නමින් නව සිංහල බ්ලොග් අඩවියක්‌ විවෘත කර ඇත.
http://senehasa.blogspot.com

Saturday, July 28, 2007

මුහුදු පතුල යට ඉඳලා

මුහුදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙන කැටියක පා කරලා
මගෙ දෝතට පුතු ආවා

Thursday, July 19, 2007

හදවතින් අප යුද බිමේ ඔබ තනි කලේ නැත කිසි දිනේ



තොප්පිගල මුදාගනිමින් මුළු නැගෙනහිර පලාතම විජයග්‍රහණය කල අපගේ විරෝධාර රණවිරුවන්ට පිදෙන හදපිරි උත්තමාචාරයයි මේ..
වන ලැහැබේ, දුරු කතරේ, දිවි ගෙවනා අප මිතුරේ...ඔබ අපේ ශක්‌තියයි..ඔබ අපේ ජීවයයි.. ඔබ අපේ වර්තමානය මෙන්ම අනාගතයද වේ..

බලශක්‌ති කළමනාකරණය

බලශක්‌ති කළමනාකරණය ගැන කතා කරන විට අපගේ ව්‍යාපාරවල භාවිතයට ගන්නා සියලු බලශක්‌ති ප්‍රභවයන් වෙත අවධානය යොමු කළ යුතුය.
මේ අතරට විදුලි බලය, එල්. පී. ගෑස්‌, ඩීසල්, පෙට්‍රල් සහ වෙනත් පෙට්‍රෝලියමි නිශ්පාදන මෙන්ම, ගල් අඟුරු, දැව සහ වෙනත් විවිධාකාර ඉන්ධන ප්‍රභවයන්ද අයත්ය. බලශක්‌ති කළමනාකරණයේ අරමුණ වන්නේ මේ සෑම සමිපතක්‌ම වඩාත් කාර්යක්‍ෂම ලෙස භාවිතාව තුළින් ඔබගේ ආයතනයේ බලශක්‌ති වියදමි හැකි පමණින් අවම කර ගැනීමය. එලෙසම පරිසරය රැක ගැනීමට දායක වීමයි. බලශක්‌ති කළමනාකරණය බොහෝ විට ඉතා සරල ක්‍රම වලින් ක්‍රියාවට නැගිය හැකිය.

උදාහරණ ලෙස පහත සඳහන් දේ සළකා බලන්න. එ සෑම එකකින්ම ඔබගේ බලශක්‌ති වියදම පාලනය කරගන්නට අවස්‌ථා ඔබට හිමි වේ.

  • වායු සමීකරණ යන්ත්‍ර හරිහැටි ක්‍රියාත්මක වේදැයි සොයා බැලීම.
  • අනවශ්‍ය විටදී විදුලි බල්බ නිවාදැමීම.
  • හැකි හැම විටම වායු සමීකරණ වෙනුවට විදුලි පංකා භාවිතය.

මේ ගැන උනන්දු වීමෙන් කරන කුඩා වෙනස්‌ කමි තුළින් විශාල වියදමි වළක්‌වාගන්නට ඔබට අවස්‌ථා උදාකර ගත හැකිය.

Tuesday, July 3, 2007

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස

මේ දිනවල නිතර දෙවේලේ ප්‍රවෘත්ති වල අහන්නට දකින්නට ලැබෙන එක්‌ කාරණයකි මාධ්‍ය නිදහස. මාධ්‍ය නිදහසක්‌ නැතියැයි පවසමින් සමහරක්‌ මර හඩ නගති. නමුත් ඒ උද්ඝෝෂණ ඉතාම පහසුවෙන් තම තමන්ට අයත් නාලිකා, පුවත් පත් මගින් ඉදිරිපත් කරති. ඔවුන් මර හඩ නගන තරමට මාධ්‍ය නිදහසක්‌ නැතිනම් කෙසේද මේවා පල කරන්නේ ?

රජයේ මාධ්‍ය රිසිසේ රජයට අවශ්‍ය පුවත් පල කරති. එවාගේම සෙසු මාධ්‍ය තම පක්‍ෂග්‍රාහිත්වය මත තමන්ට රිසි සේ තම පුවත් පළකරති. එක්‌ පෞද්ගලික නාලීකාවක ප්‍රවෘත්ති වැඩසටහන පිළිබඳ දැන්වීමක ඔවුන් ලෝකෙට ගිනි තියයි. ගිනි අවුළුවා තබා බුද්ධියෙන් විමසන්නැයි ලොවට කියයි..

අපේ රටේ මාධ්‍ය නිදහස වැඩියැයි මගේ හැගීමයි.

Monday, July 2, 2007

හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී....

ඔංචිල්ලා තොටිලි කොහින්දෝ
රන් සළුපිලි වළලු කොහින්දෝ
දොයි දොයි පුත ලපටි බිලින්දූ
රන් කඳ රැක දේවී සුරින්ඳූ...

රුසිරෙන් සරු මල්සර පරදා
නුවනින් ගණපති ලෙස සැමදා
තෙරුවන් වැඳ දෙවියන් පුදලා
මිනිසුන් මැද මිනිසෙකු වීලා
හිතමින් මවගේ කතා - දොයි දොයි දොයිය පුතා

සලකණු පර පණ තම පනසේ
හොර බොරු නොකරනු කිසි දවසේ
ඉපදුණු රට දැය සහ සමයයි
රැක මල පසුවද නම නොමැකෙයි
හිටියොත් හොඳට හැඳී - දෙවියොත් නමට වඳී

මේ සින්දුව අහද්දී මහා පුදුම හැඟීමක්‌ මගේ සිතට දැණුනි. ඒ කෙබඳු හැගීමක්‌ දැයි මට නොහැගේ.මහා සතුටක්‌ මිශ්‍ර දුකක්‌ එහි විය. මෙහි පදරචනය ඊට ගැලපෙන තනුව හා සුජාතා අත්තනායක මහත්මියගේ හඩට මගේ සිත නැළවෙන දරුවෙකු ගේ තත්වයට වැටින.

මේවා කොතරම් අගනා ගීතද ? මේ වගේ වටිනා ගීත දහස්‌ ගණන් අප සතු වුණත්... අනේ අපේ තරුණ පරපුර කකුල් දෙකට විතරක්‌ ගීත අහන හැටි.. මනස කොතරම් විකෘති වෙලාද කියල කීවොත් අර EMINEM ගේ I'm So Sorry Mom කියන ගීතයට මෙලෝ හසරක්‌ නැතුව නටනවා.. නමුත් ඒක විදින්න පුලුවන් සින්දුවක්‌ ද? " මට සමාවෙන්න අම්මේ මම අද රෑට අම්මා මරනවා " කියලා අදහස්‌ කරන ගීතයට පිස්‌සු විකාරෙන් නටනවා මම අනන්ත දැකලා තියෙනවා..
ඒත් ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බෑනේ.

හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී....

Sunday, July 1, 2007

පොසොන් පොහොය දින

මෙවර පොසොන් පොහොය දිනයේ මා දුටු විශේෂත්වය වූයේ දන්සල් ය. මගේ ජීවිතේට මෙවර තරම් දන්සල් ප්‍රමාණයක්‌ කොළඹ දී නොදුටුවෙමි. උදාහරණයක්‌ ලෙස කොට්‌ටාව සිට සිද්ධමුල්ල දක්‌වා ඇත්තේ කිලෝමීටර 5ක දුරකි. මේ අතරට දන්සල් 30 කට වැඩි ප්‍රමාණයක්‌ දුටිමි සහභාගී උනෙමි.

මේ සතියේ කල දසාව - මකර ලග්නය ( මගේ ලග්නය )



ජූලි මස 01 සිට ජූලි 07 දක්‌වා

මිශ්‍ර පල විපාක ලබයි. ආදායම් ලැබුණ ද වියදම් පාලනය කිරීම තරමක්‌ අසීරු විය හැක. හවුල් කටයුතුවලදී තරමක්‌ ප්‍රවේශම් විය යුතුය. විටෙක ආකූල ව්‍යාකූලතාවන් ඉස්‌මතු කළ හැක. ගෙදර දොර කටයුතුවලදී ද යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද ප්‍රවේශම් සහිතව කි්‍රයා කළ යුතුය. කෙසේ වුවත් සමාජයේ කිසියම් ස්‌ථානයකට පත් වේ. අන්‍යයන්ගේ සැලකිල්ලට ලක්‌ වේ. ඉවසීමේ බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි.


සතියේ කලදසාව සිංහලෙන් බලන්න කදිම තැන..
http://www.malkoha.com/astro/