Tuesday, July 3, 2007

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස

මේ දිනවල නිතර දෙවේලේ ප්‍රවෘත්ති වල අහන්නට දකින්නට ලැබෙන එක්‌ කාරණයකි මාධ්‍ය නිදහස. මාධ්‍ය නිදහසක්‌ නැතියැයි පවසමින් සමහරක්‌ මර හඩ නගති. නමුත් ඒ උද්ඝෝෂණ ඉතාම පහසුවෙන් තම තමන්ට අයත් නාලිකා, පුවත් පත් මගින් ඉදිරිපත් කරති. ඔවුන් මර හඩ නගන තරමට මාධ්‍ය නිදහසක්‌ නැතිනම් කෙසේද මේවා පල කරන්නේ ?

රජයේ මාධ්‍ය රිසිසේ රජයට අවශ්‍ය පුවත් පල කරති. එවාගේම සෙසු මාධ්‍ය තම පක්‍ෂග්‍රාහිත්වය මත තමන්ට රිසි සේ තම පුවත් පළකරති. එක්‌ පෞද්ගලික නාලීකාවක ප්‍රවෘත්ති වැඩසටහන පිළිබඳ දැන්වීමක ඔවුන් ලෝකෙට ගිනි තියයි. ගිනි අවුළුවා තබා බුද්ධියෙන් විමසන්නැයි ලොවට කියයි..

අපේ රටේ මාධ්‍ය නිදහස වැඩියැයි මගේ හැගීමයි.

No comments: