Thursday, July 19, 2007

බලශක්‌ති කළමනාකරණය

බලශක්‌ති කළමනාකරණය ගැන කතා කරන විට අපගේ ව්‍යාපාරවල භාවිතයට ගන්නා සියලු බලශක්‌ති ප්‍රභවයන් වෙත අවධානය යොමු කළ යුතුය.
මේ අතරට විදුලි බලය, එල්. පී. ගෑස්‌, ඩීසල්, පෙට්‍රල් සහ වෙනත් පෙට්‍රෝලියමි නිශ්පාදන මෙන්ම, ගල් අඟුරු, දැව සහ වෙනත් විවිධාකාර ඉන්ධන ප්‍රභවයන්ද අයත්ය. බලශක්‌ති කළමනාකරණයේ අරමුණ වන්නේ මේ සෑම සමිපතක්‌ම වඩාත් කාර්යක්‍ෂම ලෙස භාවිතාව තුළින් ඔබගේ ආයතනයේ බලශක්‌ති වියදමි හැකි පමණින් අවම කර ගැනීමය. එලෙසම පරිසරය රැක ගැනීමට දායක වීමයි. බලශක්‌ති කළමනාකරණය බොහෝ විට ඉතා සරල ක්‍රම වලින් ක්‍රියාවට නැගිය හැකිය.

උදාහරණ ලෙස පහත සඳහන් දේ සළකා බලන්න. එ සෑම එකකින්ම ඔබගේ බලශක්‌ති වියදම පාලනය කරගන්නට අවස්‌ථා ඔබට හිමි වේ.

  • වායු සමීකරණ යන්ත්‍ර හරිහැටි ක්‍රියාත්මක වේදැයි සොයා බැලීම.
  • අනවශ්‍ය විටදී විදුලි බල්බ නිවාදැමීම.
  • හැකි හැම විටම වායු සමීකරණ වෙනුවට විදුලි පංකා භාවිතය.

මේ ගැන උනන්දු වීමෙන් කරන කුඩා වෙනස්‌ කමි තුළින් විශාල වියදමි වළක්‌වාගන්නට ඔබට අවස්‌ථා උදාකර ගත හැකිය.

No comments: