Showing posts with label Sinhala. Show all posts
Showing posts with label Sinhala. Show all posts

Tuesday, December 27, 2011

Moods :) :p :(

ගිය මාසේ ගෙදර යන මූඩ් එකේ හිටපු නිසා ප්‍රෝග්‍රැමින් පැත්තේ අත ගැහුවේ නෑ.. බොරුවට කෝඩ් අතගගා හිටියා මිසක්‌ මොන එකක්‌ වත් ලිවුවේ නෑ..
අම්මට සිරි ලංකාවේ ඉඳන් ඇවිත් ඉතින් ගෙදර ගැන හිත හිත පොඩි දෙන්නා ගැන හිත හිත දවස්‌ ගානක්‌ ගියා.. ඊට පස්‌සේ ඔළුවේ නත්තල් මූඩ්... නත්තලත් ඉවරයි..
හදිස්‌සි වැඩක්‌ තියනවා කරන්න..

කොහෙන් පටන් ගන්නද දන්නෑ අප්පා..

වස කම්මැලියි..

මට ෆොර් ඊච් ලූප් ( foreach ) එක ලියන විදිහත් අමතක වෙලා ඕයි..
දැන් අලුත් අවුරුදු මූඩ්...

බොසා ගහයි බැට්‌ එකෙන්...:)

Monday, July 26, 2010

විසලාගේ වෙඩිම..

වීක්‌ එන්ඩ් එකේ එළ ෆන් එකක්‌ ගත්තා. එක්‌ කුසේ උපන් යාළුවා ඒ කියන්නේ අපෙ විසල් ගේ වෙඩිමට ගියා.
දරු මල්ලෝ නැතුව ගිය නිසා හිතට කෙසේ වෙතත් ගතට මාර නිදහසක්‌ දැනුනේ.
හොඳට බීලා නටලා ආවා. එන්න හිත නෑ.. ඒත් ඉතින් එන්න වුණානේ.

එහෙනම් ඌත් බැන්දා..

විසලෝ උඹත්
ඉ........ව.......රා.............................යි.....

Thursday, July 22, 2010

මෙහෙමත් ආගම්...

මම බෞද්ධ, කතෝලික, ඉස්‌ලාම්, හින්දු හෝ වෙනත් ආගමික සංවිධානයක සමාජිකයෙක්‌ හෝ පණිවිඩ කාරයෙකු නොවෙමි. නමුත් පෝයට පමණක්‌ පන්සල් යන, බිරිඳ කිතුනුවකු නිසා මාසයකට හෝ දෙකකට සැරයක්‌ පල්ලියට යන අයෙකු වෙමි. මූලධර්ම වාදී සංවිධාන ගැන මගේ දැනුමක්‌ නොතිබුණ යුගයක එය එතරම් වැදගත් කරුණක්‌ යැයි නොහැගුණ මුත් මෑතකදී සියැසින් හා දෙසවනින් ලද සාක්‍ෂි අනුව එය කෙතරම් දරුණු සමාජ අසාධාරණයක්‌ ද යන්න මට පිළිබිඹු විය.

මේ සටහන ලියන්නේ ඒ සඳහා ගෙනයන අරගලයකට කියවන ඔබ දායක කර ගැනීමක්‌ නොවන බව කරුණාවෙන් සලකන්න. මාගේ උත්සාහය මෙන්න මෙවැනි දේවල් ඔය කියන සංවිධාන වල, ආගම් වල සිදුවෙනවා යන්නය.

නමින් මේ සංවිධානය "යොහෝවාගේ සාක්‍ෂී කාරුවෝ " නම් වෙති. කින්ඩම් හෝල් යනු ඔවුන් ගේ පිළිවෙත් ඉටු කරන පංසල, පල්ලිය වැනි ස්‌ථානයකි. මාගේ බිරිඳ ගේ ඥාතියෙකු මේ ආගම අදහයි.

ලිවීමට බොහෝ දේ ඇතත් සරල කරුණු කිපයකින් දරුණු බව පෙන්වා දීමට කැමැත්තෙමි.

1. දෙමවුපියන්ට, වැඩිහිටියනට ගරු බුහුමන් දැක්‌වීම හෝ වැදීම නොකට යුත්තකි. ( දැන් ඔබ ඔබේ ආගමේ හැටියට වැඩිහිටියන් නමස්‌කාර කිරීම කෙතරම් උතුම් කරුණක්‌ ද යන්න එය නොකිරීම හෝ වැලකී සිටීම කෙතරම් පවට කරුණක්‌ ද යැයි දන්නවා ඇති )

2. තමාගේ මව හෝ පියා හෝ වෙනයම් කවරෙකු වේවා ඉහත කී ඔවුන් ගේ ආගම අතහැර යන්නේ නම් මව වුවද, පියා වුවද කම් නැත ඔහු හෝ ඇය අත හැර ආගම අත් නොහල යුතුය. ( ඔබේ ආගමේ කිසිම තැනක දෙමවුපියන් අතහැරීමක්‌ ගැන සඳහන් කොට තිබේද ? නමුත් ඉහත කී පවුලේ දරුවන් එය සිදු කිරීමට ( පියා අතහැරීමට ) සුදානමින් සිටියි )

3. බුදුහාමුදුරුවන්, ජේසුස්‌ ක්‍රිස්‌තූස්‌ වහන්සේ , අල්ලා දෙවියන් හෝ අනෙකුත් දෙවිවරු සාතන් නමින් හඳුන් වයි ( මෙය නම් ඔබගේ ලේ කුපිත කරවන කරුණක්‌ වනු ඇත. විශ්වයේ බිහිවූ විශිෂ්ඨයෝ අගය නොකලත් , මේ අයුරින් හැදිංවීමම කෙතරම් පවක්‌ ද ? ) රූපවාහිණියේ හෝ රේඩියෝවේ අනෙක්‌ කුමන ආගමක වැඩසටහනක්‌ ප්‍රචාරය වන්නේද සැනකින් එය වසා දැමිය යුතුය.


ලිවීමට තවත් කරුණු ඇතත් මෙවැනි සංවිධාන , ආගම් වල දරුණු කම දැනවීමට ඉහත කී කරුණු කිහිපය ඇති තරම් ප්‍රමාණවත් වනු ඇත.

ස්‌තූතියි


Wednesday, June 30, 2010

කඳුළින් අවසන් වන පෙම් පුවතක

කඳුළින් අවසන් වන පෙම් පුවතක
හෙට දවසක් නොගෙනෙනු මැන පෙම්වත
මේ මල් යෞවනයේ

හිර කරලනු බැරි සෙනෙහ හැඟුම් දිය උතුරා පිටාර යයි
දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ පෙම් සිත බලා හිඳියි
උහුලා ගනු හැකිවෙද මේ සෙනෙහස සිඳී බිඳී යා නම්

Read more at http://lyrics.info.lk

Thursday, July 31, 2008

One Country , One Nation Sri Lanka

Tamils who are living with us. Please don't support Terrorism.
Muslims, Please come to front...
Sinhalese, you have to give Peaceful country to all our nation (Sinhala , Tamil, Muslims, etc.....)
So please be unite as one and come to the front. Lead the nation.
It is a well known fact that Sri lankan tamils complain of not having a good peaceful country to live. They say that they are discriminated by Sinhalese who are the majority.So they
ask for a separate land. Then LTTE spreading terrorism worldwide by the name of liberation of tamils.

BUT
How many Tamils are doing executive jobs in colombo without harm?
How many Tamil businessmen run their own busnesses here?
How manyTamil students study here in universities & other private & government institutions?
Does any sinhala or muslim person has a problem of their presence here?
Does any one has a problem about the ethnity of Muttayyah Muralidaran, Jeyaraj Pranandupullai or Lakshman Kadiragamer?

NO
We treat them as equals. We offer every facility to them

BUT
Can any Sinhala or Muslim person go beyond Wavunia?
Can any Sinhala or Muslim person go & do buisness beyond Waunia?
Can any sinhala or Muslim student study in jafna university, even though it is under government control?
The well known answer is :
NO

They will meat instant death if they do so.
So, Think wisely. who has the bigger problem?
Its up to u to decide, my friend.Please Do not support LTTE, they offer nothing but the terror.
What we have here in Sri Lanka is not a freedom fight as LTTE claims. Its only bloody terrorism.If Mr.Prabhakaran is leading a freedom fight as he claims, why didnt he let his children to be a part of his struggle?

Many children were dead during his so called freedom fight & they were called heroes by Prabhakaran.So why did he avoid his two children of becoming heroes?
It is because that he s a businessmen & he s doing the buisness of blood sacrificing not only sinhalese but only tamils also.

And apart from he loves his children as a beloved parent, So what about the parents of the children who were dead & currently fighting for their leader Prabhakaran? Why dont they have feelings?

This is the truth that should be understood by every one before donating or supporting or shouting for LTTE.

Do you believe,

Do you know that Army has destroyed 70% of LTTE
Please do not try to protect the remaining 30% of LTTE
Lets Protect Our country!
Please Give your full support to Sri Lankan ARMY
Please let SL army to finish the terrorism. At the first time in the history they are allowed to do their job well.Then we can build a better place ,where everyone of us live happily ever after as one true nation .But one thing we have to remember,Whoever die out there in LTTE, or in SLARMY are the brothers & sisters who are supposed to live free in this country.Every drop of their blood is red as ours , there is no difference.

One Country , One Nation Sri Lanka


Tuesday, June 3, 2008

අපි විමසිලිමත් වෙමු

සෑහෙන කාලෙකින් බ්ලොග් එකක්‌ ලියන්න ගත්තේ..
මේ දවස්‌ වල කෝච්චිවල බස්‌ වල උඩ රාක්‌ක වල කිසිම පාර්සලයක්‌ තියන්න දෙන්නෙ නෑ.
මම නම් ඒ ගැන ඉන්නේ අප්‍රමාණ සතුටින්..
මොකද එතකොට සැකෙන් බයෙන් යන්න ඕන නෑ..
ඒත් ඉතින් සමහරක්‌ ට නම් ඒක දිරවන පාටක්‌ නෑ...
ඉතින් මේ දින කිහිපයේම විවිධ බහින් බස්‌වීම් ඇති වෙනවා ඒ ගැන.
ඇත්ත අතේ එල්ලගෙන යනවට වැඩිය පහසුයි බැග් එක රාක්‌කෙට දාලා නිදහසේ යන එක...
පහසුවම විතරක්‌ බලලා මදි නේද...
පහසුවෙන් හෝ අපහසුවෙන් යන්නත් ජීවත් විය යුතුයි නේ..
ඉතින් පොදු මහජන සැමගෙ ආරක්‍ෂාව තකා...
පුළුවන් නම් ටිකක්‌ ඉවසන්න...

Thursday, April 10, 2008

සුබ අළුත් අවුරුද්දක්‌

සාමය සතුට සම්පත
සපිරි
සුබ අළුත් අවුරුද්දක්‌ වේවා

ඔබ සැමට...

Thursday, April 3, 2008

නියමයි සහ අපරාදේ..



මම කොණ්‌ඩය කොටට කැපුවෙමි

Thursday, March 6, 2008

උතුරේ තුරුණු තරුව ශිව ගෞරී නංගියේ ( ஷிவ கௌரீ தங்கச்சி )

වවුනියාවේ ශිව ගෞරී ( ஷிவ கௌரீ ) නංගියේ...
ඔබ වැනි තරු තව කොපමණ ඇතිද ...
කැළේට වී අවි අත දරමින්..

කියන්න පුළුවනි නම් ඔවුනටත්...
ඔය වැඩේ තේරුමක්‌ නැති බව..
යුද්ධයට එහා ලොව සුන්දර බව...

අපේම හාලේ බතට
ආසම මාළු පිනි හදන්
රටේම නෑයො එක්‌ක
අපි ඉන්නවා මග බලන්................

Wednesday, March 5, 2008

Monday, February 18, 2008

අපාය ද දිව්‍ය ලෝකයද ?

ඔබ ජීවිතයේ සුන්දරත්වය දකින්නට
උත්සාහ කරන දා...
අසුන්දරත්වය කෙමෙන් මැකී යනු ඇත...

ජීවිතයේ සතුට සොයා ඔබ යද්දී
අසතුට ලඟා නොවෙනු ඇත...

අපායත්, දිව්‍ය ලෝකයේත් එකවර විසිය නොහැක...

මේ ද්විත්වයෙන් ඔබට තෝරාගත හැක්‌කේ එකකි..
සුදුසු දේ තෝරාගැනීම ඔබ සතුය...

Thursday, February 7, 2008

I Miss You...


මගේ දිවිය පුරාවට
ආදරය යනු කිමැයි උගත්තෙමි
සිනාසෙන්නට, සතුටින් ඉන්නට,
ශක්‌තිවන්ත වීමට උගත්තෙමි
අවංක වන්නට, විශ්වාසවන්ත වන්නට,
සමාව දීමටද උගත්තෙමි..

නමුත් ඔබ නැති පාළුව
මකා ගන්නේ කෙලෙසදැයි
ඉගෙන ගැනීමට
මම තවමත් අපොහොසත් වීමි...

Wednesday, January 9, 2008

Good Morning

හැම උදෑසනක්‌ම
හරියට ලස්‌සන සිතුවමක්‌ වගේ
හොඳ හුස්‌මක්‌ ඇරගෙන
දවස ආරම්භ කරන්න..
හදපිරි සිනාවකින්
දවස එලිය කරන්න..
සොඳුරු කෙනෙකු සමග කතා බහෙන්
ඔබේ දවස වර්ණවත් කරනු ඇත

රන්දුනු....

අහන්න මගෙ හොඳ පුංචි පුතේ


අහන්න මගෙ හොඳ පුංචි පුතේ
ඔබේ අතේ මතු අනාගතේ

මුතු කුමාරි

හලාවත සිට පානදුර දක්‌වා
ඔබ මොබ යන්නී ..
මුතු කුමාරීයේ
දැන් හරි අඩම්බරෙන් වගේ...
අළුත් මැදිරිවලින්
ඔයා හරිම ලස්‌සනයි...
අනේ ඔයාට කුරුටු ගී කාරයන් ගේ
බැල්ම නොවැටියන්...

Wednesday, December 5, 2007

මා දුටු සොකරි

පසුගිය නොවැම්බර් 30 වැනි දින ශිල්ප සයුර ( අප ) සමූහය විසින් සංවිධානය කර තිබූ සොකරි මංගල්‍යය බැලීමී. ඒ අත්දැකීම පිළිබඳ යමක්‌ නොලියම බැරිය. මන්ද යත් එවැනි වෙනස්‌ අත්දැකීමක්‌ පිළිබඳව යමක්‌ ලිවිය යුතුමය. එය අප මේ ගෙවන ව්‍යාකූල දිවියට ඇත්ත වශයෙන්ම Change එකක්‌ විය. කොළඹ 7 දී මෙය රඟ දැක්‌වූවද මදකට හෝ මේ කොළඹදැයි මට නොහැගිණ.. ඒ හෝරා කිහිපය ඇත්ත වශයෙන්ම ගමේ ජීවත් වුණෙමි. ගැමි දිවියේ සරල බාවයත් නගර දිවියේ සංකීර්ණත්වය අතර ඇති පරතරය කෙතරම් දැයි මට හැගිණ.

ඇත්තෙන්ම කෙතරම් අගනා ජන සංස්‌කෘතියක්‌ අපට හිමිදැයි හැගී යන්නේ මෙවැනි විරල ජන නාටකයක්‌ හෝ ගැමි නැටුමක්‌ නෙත ගැටුනු විටය. එවැනි දෑ රැකගත යුතුයැයි අපට හැගෙන්නේද එවැනි අත්දැකීමක්‌ ලද විට පමණි.

අද ඕනෑම යමක්‌ ජනප්‍රිය කරවීම ජනමාධ්‍ය වලට සුළු කාරනයකි. අවාසනාවට අප සතු කිසිම මාධ්‍යක්‌ මෙවැනි ගැමි නාටක හා ජනනාටක වලට එවැනි ජනප්‍රිය භාවයක්‌ හෝ ඒ ගැන දැනුවත් කිරීමක්‌ කිරීමට උන්න්දුව අවමය. ජනමාධ්‍ය මගින් ප්‍රචලිත කරවා අද කරලියට එන "තරු" ප්‍රසංගයක එක්‌ විනාඩි කිහිපයක්‌ සඳහා අයකරන මුදලට වඩා 90% අඩු මුදලකට මෙම ගැමි නාටක කණ්‌ඩායම එළිවෙනතුරු එය රඟදැක්‌වූ අයුරුනම් ප්‍රසංශනීයයි.

Tuesday, October 2, 2007

බ්ලොග් වෙනුවට කෙටිකතා

සිංහල බ්ලොග් කියවීම මගේ විනෝදාංශයක්‌ .
හරි පුදුමයි
http://www.queen.lk/ එකේ තිබුණ කෙටි කතාව කියවලා බ්ලොග් වලට වැඩිය කෙටිකතා කියවීම රසවත් කියලා හිතුණා. ඔයාලත් කියවල බලන්න " කේක්‌ ව්‍යාපෘතිය " ( http://www.queen.lk/?p=61 ) කියන කෙටිකතාව. හැමදාම අළුත් දෙයක්‌ කරන නිරංජන් ට තවතවත් කෙටි කතා ලිවීමට සියලු ශක්‌තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

Tuesday, September 18, 2007

අයියනායක කවි පන්තිය

අදටත් මා සමග ජීවත් වෙන සිංහල පෙළ පොතේ කවිය

සෙවනැළි අවදි නොමවන වැවු ඉවුරු කොනේ
කාලය විසින් හෑරූ නුග ගසක බෙනේ
මල කා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක්‌ නැතද එහි බලයක්‌ තිබෙනු දැනේ

Monday, September 17, 2007

වගබලා ගැනීම හෙවත් care

ඔබ ගැන දස දෙනෙකු වගබලා ගනීනම්
මමද ඒ අතරින් එකෙකු වෙමි..
ඔබ ගැන වගබලා ගන්නේ එකෙකු නම්
ඔහු මම වෙමි...
ඔබ ගැන වගබලා ගැනීමට කෙනෙකු නොවීනම්
එහි අරුත
මා මේ ලෝකෙයෙන්.....
තුරුන් ව ගොස්‌ ඇති බවයි...


රන්දුනු කවි

Wednesday, September 12, 2007

රාළගේ පොත

ඉතාමත් සිත්ගත් සිංහල වෙබ් අඩවියක්‌ ගැනයි මේ දැනුම් දීම.
දැන්නම් ඉතින් කම්මැලි නැතුව කෙටිකතාවක්‌ කියවන්න පුළුවන් වෙබ් එකේම..
වසන්ත දුක්‌ගන්නාරාළ, එහෙමත් නැත්තම් දුකා, නොහොත් රාළගේ අළුත්ම හා එකම පොත දැන් වෙබ් එකේ තියනවා..
එහි ඔහු ලියූ එක්‌ කවියක්‌ මගේ හිත ගත්තා කොපමණද කියනවානම්
මට මහ පුදුම සතුටක්‌ දැනුනා...
ඒක සඳහන් වෙන්නෙ මෙන්න මෙහෙම....

මාතෘකාව : කෙටි දුර ධාවන ශූරියට ලියූ පෙම් කවිය

කවිය :
ඔබ දුවන්නේ
කෙටි දුරයි

මාතෘකාවට වඩා කවිය කොටයි. කොයි තරම් අපූරුද?

විඩාවක්‌ දැනන වෙලාවට කියවන්න.. මෙන්න නියම අන්තර්ජාල පොත...
http://rala.info.lk