Showing posts with label sinhala gossips. Show all posts
Showing posts with label sinhala gossips. Show all posts

Tuesday, December 27, 2011

Moods :) :p :(

ගිය මාසේ ගෙදර යන මූඩ් එකේ හිටපු නිසා ප්‍රෝග්‍රැමින් පැත්තේ අත ගැහුවේ නෑ.. බොරුවට කෝඩ් අතගගා හිටියා මිසක්‌ මොන එකක්‌ වත් ලිවුවේ නෑ..
අම්මට සිරි ලංකාවේ ඉඳන් ඇවිත් ඉතින් ගෙදර ගැන හිත හිත පොඩි දෙන්නා ගැන හිත හිත දවස්‌ ගානක්‌ ගියා.. ඊට පස්‌සේ ඔළුවේ නත්තල් මූඩ්... නත්තලත් ඉවරයි..
හදිස්‌සි වැඩක්‌ තියනවා කරන්න..

කොහෙන් පටන් ගන්නද දන්නෑ අප්පා..

වස කම්මැලියි..

මට ෆොර් ඊච් ලූප් ( foreach ) එක ලියන විදිහත් අමතක වෙලා ඕයි..
දැන් අලුත් අවුරුදු මූඩ්...

බොසා ගහයි බැට්‌ එකෙන්...:)

Monday, July 26, 2010

විසලාගේ වෙඩිම..

වීක්‌ එන්ඩ් එකේ එළ ෆන් එකක්‌ ගත්තා. එක්‌ කුසේ උපන් යාළුවා ඒ කියන්නේ අපෙ විසල් ගේ වෙඩිමට ගියා.
දරු මල්ලෝ නැතුව ගිය නිසා හිතට කෙසේ වෙතත් ගතට මාර නිදහසක්‌ දැනුනේ.
හොඳට බීලා නටලා ආවා. එන්න හිත නෑ.. ඒත් ඉතින් එන්න වුණානේ.

එහෙනම් ඌත් බැන්දා..

විසලෝ උඹත්
ඉ........ව.......රා.............................යි.....

Thursday, July 22, 2010

බිසියක මහත

අම්මට සිරි දැනුයි දැක්‌කේ.. 2009 අවුරුද්දේ මම එකම එක බ්ලොග් එකක්‌ වත් ලියලා නෑනේ..

Tuesday, July 13, 2010

මාර කම්මැලියි..

මට බ්ලොග් එකේ ලියන්න මාර කම්මැලි කමක්‌ නේ තියෙන්නේ. ආසවෙන් පටන් ගත්ත එක දැන් එපා වෙලාවත්ද?
නැ නෑ එහෙම වෙන්න විදිහක්‌ නෑ.. වෙලාව නැති හින්දා වෙන්න ඇති. නිදහස්‌ වෙලාවට කොම්පියුටරේ ගාව ඉන්නවට වඩා වෙනත් දෙයක්‌ කරන්න ආසයි දැන්..
ඒ වුණත් කොහොම හරි මොනවා හරි ලියන්න ඕන..