Showing posts with label Poems. Show all posts
Showing posts with label Poems. Show all posts

Tuesday, September 18, 2007

අයියනායක කවි පන්තිය

අදටත් මා සමග ජීවත් වෙන සිංහල පෙළ පොතේ කවිය

සෙවනැළි අවදි නොමවන වැවු ඉවුරු කොනේ
කාලය විසින් හෑරූ නුග ගසක බෙනේ
මල කා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක්‌ නැතද එහි බලයක්‌ තිබෙනු දැනේ

Monday, September 17, 2007

වගබලා ගැනීම හෙවත් care

ඔබ ගැන දස දෙනෙකු වගබලා ගනීනම්
මමද ඒ අතරින් එකෙකු වෙමි..
ඔබ ගැන වගබලා ගන්නේ එකෙකු නම්
ඔහු මම වෙමි...
ඔබ ගැන වගබලා ගැනීමට කෙනෙකු නොවීනම්
එහි අරුත
මා මේ ලෝකෙයෙන්.....
තුරුන් ව ගොස්‌ ඇති බවයි...


රන්දුනු කවි

Wednesday, September 12, 2007

රාළගේ පොත

ඉතාමත් සිත්ගත් සිංහල වෙබ් අඩවියක්‌ ගැනයි මේ දැනුම් දීම.
දැන්නම් ඉතින් කම්මැලි නැතුව කෙටිකතාවක්‌ කියවන්න පුළුවන් වෙබ් එකේම..
වසන්ත දුක්‌ගන්නාරාළ, එහෙමත් නැත්තම් දුකා, නොහොත් රාළගේ අළුත්ම හා එකම පොත දැන් වෙබ් එකේ තියනවා..
එහි ඔහු ලියූ එක්‌ කවියක්‌ මගේ හිත ගත්තා කොපමණද කියනවානම්
මට මහ පුදුම සතුටක්‌ දැනුනා...
ඒක සඳහන් වෙන්නෙ මෙන්න මෙහෙම....

මාතෘකාව : කෙටි දුර ධාවන ශූරියට ලියූ පෙම් කවිය

කවිය :
ඔබ දුවන්නේ
කෙටි දුරයි

මාතෘකාවට වඩා කවිය කොටයි. කොයි තරම් අපූරුද?

විඩාවක්‌ දැනන වෙලාවට කියවන්න.. මෙන්න නියම අන්තර්ජාල පොත...
http://rala.info.lk