Thursday, July 22, 2010

මෙහෙමත් ආගම්...

මම බෞද්ධ, කතෝලික, ඉස්‌ලාම්, හින්දු හෝ වෙනත් ආගමික සංවිධානයක සමාජිකයෙක්‌ හෝ පණිවිඩ කාරයෙකු නොවෙමි. නමුත් පෝයට පමණක්‌ පන්සල් යන, බිරිඳ කිතුනුවකු නිසා මාසයකට හෝ දෙකකට සැරයක්‌ පල්ලියට යන අයෙකු වෙමි. මූලධර්ම වාදී සංවිධාන ගැන මගේ දැනුමක්‌ නොතිබුණ යුගයක එය එතරම් වැදගත් කරුණක්‌ යැයි නොහැගුණ මුත් මෑතකදී සියැසින් හා දෙසවනින් ලද සාක්‍ෂි අනුව එය කෙතරම් දරුණු සමාජ අසාධාරණයක්‌ ද යන්න මට පිළිබිඹු විය.

මේ සටහන ලියන්නේ ඒ සඳහා ගෙනයන අරගලයකට කියවන ඔබ දායක කර ගැනීමක්‌ නොවන බව කරුණාවෙන් සලකන්න. මාගේ උත්සාහය මෙන්න මෙවැනි දේවල් ඔය කියන සංවිධාන වල, ආගම් වල සිදුවෙනවා යන්නය.

නමින් මේ සංවිධානය "යොහෝවාගේ සාක්‍ෂී කාරුවෝ " නම් වෙති. කින්ඩම් හෝල් යනු ඔවුන් ගේ පිළිවෙත් ඉටු කරන පංසල, පල්ලිය වැනි ස්‌ථානයකි. මාගේ බිරිඳ ගේ ඥාතියෙකු මේ ආගම අදහයි.

ලිවීමට බොහෝ දේ ඇතත් සරල කරුණු කිපයකින් දරුණු බව පෙන්වා දීමට කැමැත්තෙමි.

1. දෙමවුපියන්ට, වැඩිහිටියනට ගරු බුහුමන් දැක්‌වීම හෝ වැදීම නොකට යුත්තකි. ( දැන් ඔබ ඔබේ ආගමේ හැටියට වැඩිහිටියන් නමස්‌කාර කිරීම කෙතරම් උතුම් කරුණක්‌ ද යන්න එය නොකිරීම හෝ වැලකී සිටීම කෙතරම් පවට කරුණක්‌ ද යැයි දන්නවා ඇති )

2. තමාගේ මව හෝ පියා හෝ වෙනයම් කවරෙකු වේවා ඉහත කී ඔවුන් ගේ ආගම අතහැර යන්නේ නම් මව වුවද, පියා වුවද කම් නැත ඔහු හෝ ඇය අත හැර ආගම අත් නොහල යුතුය. ( ඔබේ ආගමේ කිසිම තැනක දෙමවුපියන් අතහැරීමක්‌ ගැන සඳහන් කොට තිබේද ? නමුත් ඉහත කී පවුලේ දරුවන් එය සිදු කිරීමට ( පියා අතහැරීමට ) සුදානමින් සිටියි )

3. බුදුහාමුදුරුවන්, ජේසුස්‌ ක්‍රිස්‌තූස්‌ වහන්සේ , අල්ලා දෙවියන් හෝ අනෙකුත් දෙවිවරු සාතන් නමින් හඳුන් වයි ( මෙය නම් ඔබගේ ලේ කුපිත කරවන කරුණක්‌ වනු ඇත. විශ්වයේ බිහිවූ විශිෂ්ඨයෝ අගය නොකලත් , මේ අයුරින් හැදිංවීමම කෙතරම් පවක්‌ ද ? ) රූපවාහිණියේ හෝ රේඩියෝවේ අනෙක්‌ කුමන ආගමක වැඩසටහනක්‌ ප්‍රචාරය වන්නේද සැනකින් එය වසා දැමිය යුතුය.


ලිවීමට තවත් කරුණු ඇතත් මෙවැනි සංවිධාන , ආගම් වල දරුණු කම දැනවීමට ඉහත කී කරුණු කිහිපය ඇති තරම් ප්‍රමාණවත් වනු ඇත.

ස්‌තූතියි


7 comments:

වැප් said...

මෙහි දරුණුම තත්වය නම්,
මොවුන් රුධිර පාරවිලයන නොකරයි .... එහෙයින් බොහෝ දෙනෙකුගේ ජීවිතයද ආගමේ නාමයෙන් උකසට තබා ඇත......

සෝරෝ said...

පොදුවේ අනිත් ආගම් වලින් කියන්නේ පවු වලින් වැලකිලා පින් වැඩ කරන්න කියල නේ.

බලාගෙන ගියාම මේක ආගමක් නෙවෙයි නේ.

[වැප්ගෙ අදහසට එකඟ වෙමි..]

ඔස්කා said...

හොඳ ලිපියක්..අහිංසක මිනිස්සු අමරුවෙ දාන මේ වසංගතයත් තුරන් කලයුතුයි..

RanDil said...

ප්‍රශ්නේ මේකනේ. අපිට කවුරු හරි ලිඳට පනින්න කිව්වොත් පනිනවාද සම්මත තත්ත්ව යටතේ ( ඒකිව්වේ නයෙක් වගේ සතෙක් පස්සෙන් පන්නන් එද්දි යන්න එන්න තැනක් නැති ම වුනා නම් හැර)

ඉතිං අපි නම් පනින්නේ නැහැ. පනින කට්ටියත් ඉන්නවා. එතකොට පන්නන් එන නයා මොකාද කියලායි සොයා ගත යුත්තේ. මුදල්ද, කුස ගින්නද, වෙනත් නයෙක්ද?

Anonymous said...

oba mema agame muladarma hari hati wataha nogena asu karunu matha padanam karagena pamanak liyu satahanaki....mama mema agamata ayath pudgalayek nowe..mehi muladarama mama gaburin hadarimak kara nathi nisa mama agame muladarma gana wiwechanya karanne na...eth oba bohoma podi danimak matha liyu satahanak nisa me magin athamek meme darmaya pilibada waradi watahimak athi kara gganna thiyena idakada wadi.

kassa said...

woow ela macho nice

දනා said...

මම කැම්පස් එකේ ඉන්නකොට මගේ රුමා උනේ ඔය කියන ආගමේ කොල්ලෙක්. එයා අපේ බැච් එකේ හිටිය decent ම කොල්ලක් කියලා කියන්න පුළුවන්. මිනිහා කවදාවත් මගේ බඩුවක් අරගෙන තිබුනේ නැහැ, මම දැකපු එකම වැරැද්ද තමයි එයා බයේ හිටියා මදුරුවෙක් මාව කාල එයාව කයි කියල. ඒ එහෙම උනොත් එයාගේ ලේ කිලිටු වෙයි කියල හිතපු නිසා. ඒ ඇරෙන්න මිනිහා හොද මනුස්සයෙක්. ඔය ආගම ඔච්චර දරුණුයි කියලා මම දැනගත්තෙක් අද ඔයාගේ ලිපිය කියෙව්වට පස්සේයි. මට නම් හිතෙන්නේ අපි ඔය ආගමේ අයට අනුකම්පා කරන්න ඕන කියලා. පව් අසරණ මිනිස්සු නිකන් දුක් විදිනවා බොරු දෙයක් පස්සේ ගිහින්