Friday, May 25, 2007

සිංහල සංගීතය සහ මම

මම ගොඩාක්‌ වෙලාවට සර්ව සාධාරණ විදිහට හිතන්ට පුරුදු වෙලා තියෙන්නේ. නමුත් ඒක එච්චර හොඳ දෙයකුත් නෙවෙයි මේ ලෝකේ ජීවත් වෙනකොට. මම ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රය දිහා බලන්නෙත් ඒ ඇසින් මයි. කවුරු කොහොම හිතුවත් මම නම් හැම වර්ගයකම සින්දු වලට ආසයි. ජන ගීත වල ඉදන් හිප් පොප් (Hip Pop) වලට යනකන් තියෙන ඕනෑම එකක්‌ මට රස විදින්න පුලුවන්. හැබැයි ඉතින් ඒ රස වින්දනය හැම එකකටම එක විදියට නැහැ.

මමත් තරමක සංගීතය ගැන දැනුමක්‌ ඇත්තෙක්‌. ඒ මම සංගීත කණ්‌ඩායමක සාමාජිකයෙක්‌ වෙලා හිටපු නිසා මිසක්‌ වෙනම සංගීතය ඉගෙන ගෙන නැහැ. ඇහෙන දකින දේ අත්හදා බලල යමක්‌ ඉගෙන ගත්තා ඇරෙන්න පොතේ දැනුම නම් නැහැ.යම් ගීතයක ගුණ අගුණ එකිනෙකාට පෙනෙන්නේ එක එක විදිහට. හැබැයි ඉතින් ඔය ගුණ අගුණ තෝරන විට හැමෝම අමතක කරන එක දෙයක්‌ තියෙනවා. ඒ ගීතය ලියපු, තනුව හදපු , ගයපු කෙනාගේ දක්‍ෂතාවය මත තමා ගීතය හොදද නරකද කියල තීරණය වෙන්නේ. ප්‍රවීණයෙක්‌ නම් බොහෝ දුරට එම නිර්මාණය සාර්ථක යැයි හැමෝම පිළිගනියි. ආධුනිකයෙක්‌ කරානම් ඉතින් හොඳ නරක දෙකටම එක වගේ පිරිසක්‌ ඒ නිර්මාණය වටා රොක්‌වෙයි.

මම නම් බලන්නේ කාගේ වුණත් උත්සාහ අගය කිරීමත් සමගම එම නිර්මාණය රසවිදින එකයි. මොකද සමහරු යම් නිර්මාණයක්‌ අපෝ ඒක චාටර් කියල අහක දාන අවස්‌තා මම එමටවත් දැකල තියෙනවා. හැබැයි එහෙම කියන කෙනෙක්‌ට සමහර විට කවියක්‌ තියා නිසැදසක්‌ වත් ලියා ගන්න බෑ. ඒ නිසා කවුරු පිලිගත්තත් නැතත් මම නම් මොනයම් හෝ නිර්මාණකරුවෙකුගේ ඒ අහිංසක උත්සාහට නිගරු කරන්නේ නැහැ.

අනුකම්පා සිතින් හරි හැම නිර්මාණයක්‌ ම රස විදින්න පුරුදු වෙන්න.
http://www.malkoha.com/

No comments: