Monday, May 28, 2007

මම දුක්‌විඳලා ගත්ත ෆොටෝ එක



මේ කුරුමිණියාගෙ ෆොටෝ ( Photo ) එක ගන්න මම පුදුම දුකක්‌ වින්දේ. මූ වගේ එක විදිහට ඉන්න බැරි( අපේ කිරි අම්මලා කියන විදිහට "දහංගලේ" එහෙමත් නැත්නම් "තුනිංචිය" ) සතෙක්‌ මගේ ෆොටෝ ජීවිතේ මට හමුවෙලා නැති තරම්. මේ ලී දන්ඩට ෆෝකස්‌ ( Focus ) කරගෙන කොච්චර වෙලා හිටියද, මූ එනවා වහනවා තත්පර භාගයක්‌ වත් ඉන්නෙ නෑ ආපහු යනවා. ගොඩක්‌ ෂොට්‌ ( Shot ) බොඳ ( Blur ) වෙලා වැදුනේ මෙයා ඉගිලෙන ඒවා. පස්‌සෙ අත ඇරලා දාන්නත් හදලා අහම්බෙට වගේ මේ Shot එක වැදුනා.

මේක ලියද්දි මට මතක්‌ වුනේ අපේ කිරි අම්මලාගේ කිරි අත්තලාගේ වචන. අද සමහරු ඔය තුනිංචිය කියන වචනේ එහෙම දන්නෙවත් නැති තරම්. තුනිංචිය කියල කියන්නේ දඟකාර කියන එකටම තමා. මට මතකයි අපේ කිරි අම්මා අපි මොනා හරි වැරදි වැඩක්‌ කරාම බනින්නේ " අනේ මේ බමුණා " කියලා මිසක්‌ දැන් කාලේ වගේ සත්තු වත්තේ සත්තුන් ගේ ( සිංහයා ඇරෙන්නෙ ) නම් කියලා නෙවේ. මම කිවුවේ උදාහරණයක්‌ හැටියට " අනේ මේ බූරුවා/ හරකා / එළදෙන " වගේ. අපේ පැරැණ්‌නන් ගේ බැනුමේ උනත් නම්බුකාරයි කියලයි මට හිතෙන්නේ.

5 comments:

Anuradha Ratnaweera said...

හොඳ මැක්‍රෝ (macro) ඡායාරූපයක්. කැමති නම් අපේ ශ්‍රී ලාංකික ඡායාරූප පිංතූර එකතුවට මෙයත් එකතු කරන්න.

damn said...

ෂා රන්දුනු අයියා.... නියමයි වැඩේ... නියම ෆොටෝ එක...

මම මේ වියුණ (බ්ලොග් එක) දැක්කේ ඊයේ රෑ... ඇත්තටම පළවෙනි පාරම දැක්කම
අමුතු විදියට හිත ඇදිල ගියා... (බ්ලොග් එකටයි ඔයාගෙ භාෂාවටයි...)

ඇත්තටම මටත් හිතුණා බ්ලොග් කෑල්ලක් ලියල බලන්න...
ඔව්.. ලියල බලන්න ඕන..ඉතින් මම ලීවාම මගෙ එකටත් ඇවිත් බලන්න. හො‍ඳද..

හ්ම්ම්ම්... ඇත්තටම හිත ඇදල ගන්න වියුණක්....

රන්දුනු said...

බොහොම ස්‌තූතියි පුබුදු මල්‌ලී..
අමුතු ‍ෙදයක්‌ කරල‍ා න‍ෑ.. මේ තම‍ා මම ලියන, කත‍ා කරන විල‍ාසය..ඔය‍ාගේ බ්‌ලොග්‌ අඩවිය ග‍ැන ම‍ාව ද‍ැනුවත්‌ කරන්‌න..
රන්‌දුනු, තුසිත..

Malinthe Samarakoon said...

නියම පින්තූරයක්. කැමැත්තක් නැද්ද අයියා DeviantART එක්ක එකතු වෙන්න? හොඳ artist community එකක්. විසිට් එකක් දාලා බලන්න. හොඳ ඡායාරූප ‍ශිල්පියෝ ගොඩක් ඉන්නවා. මගේ අඩවිය: http://malinthe.deviantart.com
නියම බ්ලොග් එකක්. මෙච්චර කාලයක් මේක දැකලා තිබුණේ නැහැ. ඇත්තටම නියමයි.

හුදකලා වූ සිතක් said...

Awww