Thursday, May 24, 2007

What is Sinhala Unicode ? Simple way to understand

සිංහල යුනිකෝඩ් යනු කුමක්‌ද? සරල සිංහලෙන්.
සිංහල යුනිකෝඩ් ( Unicode ) යනු කුමක්‌ද කියා බොහෝ දෙනාට නියම අදහසක්‌ තවම නැහැ. මොකද සරල විදිහට මේ ගැන සඳහනක්‌ අන්තර්ජාලය ( Internet ) තුල සොයා ගන්නට නැති තරම්. මම මෙහි සඳහන් කරන්නේ මට තේරෙන විදිහට සිංහල යුනිකොඩ් යනු කුමක්‌ද කියා පමණයි. මොකද මම කපුටා යුනිකෝඩ් ෆොන්ට්‌ එක හදනකොට ලැබුණු අත්දැකීම් වලින් පමණයි මේ ලියන්නේ.

අපිට ඉස්‌සර සිංහල ෆොන්ට්‌ ( Font ) කියල තිබුනේ කැන්ඩි, අරලිය, සන්ද්‍යා, තිබස්‌ වැනි අකුරු විශේෂයන්. මේ සියල්ලක්‌ම ඒ ඒ නිර්මාණ ශිල්පියා හෝ ආයතනයේ ප්‍රමිතියකට අනුව නිපදවපු අකුරු. මේවට ඇංසි ෆොන්ට්‌ ( Ansii ) කියලත් කියනවා. මේ හේතුව නිසා එක ෆොන්ට්‌ වර්ගයකින් කරන ලිපියක්‌ තවත් ෆොන්ට්‌ වර්ගයක්‌ තියෙන කොම්පියුටර් එකක බලන්න බෑ. හරියට බලි රූප වගේ පෙනෙන්නේ. උදාහරණයක්‌ ලෙස කියනවා නම් කැන්ඩි ෆොන්ට්‌ එකෙන් කරපු ලිපියක්‌ සන්ධ්‍යා ෆොන්ට්‌ එක තියෙන කොම්පියුටර් එකකින් බලනකොට ඒක පේන්නේ තේරුම් ගන්න පුලුවන් විදිහට නෙවෙයි. සිංහලෙන් කියනවනම් මහ අංජබජල් විදිහට තමා ඒව පෙන්නුම් කරන්නේ. ඉතින් මේ යුනිකෝඩ් ආවට පස්‌සේ ඒ වගේ ප්‍රශ්නයක්‌ නැහැ. මොකද කපුට යුනිකොඩ් ගත්තත් ඉස්‌කෝල පොත හෝ මලිති වෙබ් ෆොන්ට්‌ ගත්තත් යුනිකෝඩ් වගුවේ ( Unicode Table ) එකම ස්‌ථානයක තමා මේවා හදල තියෙන්නේ.

ඒ කියන්නේ සිංහල 'අ' අකුරට යුනිකොඩ් වගුවේ හිමි අංකය ( ස්‌ථානය ) ( U+0D85 ) මොන සිංහල යුනිකෝඩ් ෆොන්ට්‌ එකක උනත් තියෙන්නේ එකම තැනක. මේ හේතුව නිසා සිංහල යුනිකෝඩ් වලින් කරන ලද ලිපියක්‌ ඕනෑම තැනක කිසිම ප්‍රශ්නයක්‌ නැතුව පෙන්නුම් කරනවා.

යුනිකොඩ් වගුවේ එක්‌ එක්‌ භාෂාවන්ට හිමි රේංජ් ( Range ) එකක්‌ තියෙනව. ඉන් අපේ සිංහල භාෂාවට හිමි රේංජ් එක වන්නේ ( U+0D80 – U+0DFF )

හැබැයි ඉතින් ඔය සිංහල යුනිකෝඩ් හරියට තාම හැම කොම්පියුටරයකම පෙනෙන්නේ නෑ. ඒකට විසදුම හෝයා ගන්න මෙන්න මේ වෙබ් ලිපිනය මගින් පුලුවන්.
http://www.info.lk/slword/kaputaunicode.htm

මේක ඇස ගැටෙන හරි කාට හරි මේ පිලිබඳ තවත් අපැහැදිලි නම් මට ලියන්න. මම පුලුවන් විදිහට කියලා දෙන්නම්. හැබැයි ඉතින් විද්වතෙක්‌ ගේ පැහැදිලි කිරීමක්‌ නම් බලාපොරොත්තු වෙන්න එපා.

3 comments:

Anandawardhana said...

අගනා වැඩක්! ඔබට ජය වේවා!!

http://sinhalablogs.coconia.net

රන්දුනු said...

ආනන්ද වර්ධන මහතා

බොහොම ස්‌තූතියි.. ඔබතුමා අන්තර්ජාලය තුල සිංහල යුනිකෝඩ් වෙනුවෙන් වෙහෙසෙන්නෙක්‌ බව මම දන්නවා. ඔබතුමාගේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

බුදු සරණයි !!!

Anonymous said...

සිංහල යුනිකෝඩ් ගැන පැහැදිලි කළාට ඔබට බොහොම පින්!
ඒත් මට තවම අපැහැදිලි දෙයක් තිබෙනවා. එබ මේ ක්ෂේත්‍රයේ සිටින නිසා මෙයට පිළිතුරක් දෙන්නට පුළුවවන් වෙතැයි සිතනවා.

(1) මම දැන් භාවිතා කරන්නේ වසර 2ක් පැරණි පරිගණකයක් - Windows XP සමග. සිංහල අකුරු කියවීම සහ ලිවීම පිණිස මම ඔබ පෙන්වා ඇති Kaputa ලිපිනයට ගොස් සිංහල ෆොන්ට් download කර ගත්තා. ළඟදීම මම අළුත් පරිගණකයක් ගන්න අදහස් කරනවා - Windows Vista සමග. දැන් ලංකාවේත් මෛක්‍රොසොෆ්ට් කාර්යාලයක් තියෙන නිසා මම ලංකාව තුළම original Windows මෘදුකාංගය තමයි මිළ දී ගන්න අදහස් කරන්නේ. එතකොට ඒ පරිගණකයටත් මම නැවත Kaputa අඩවියෙන් ෆොන්ට්ස් download කර ගන්න ඕනෙද?
එහෙම නැත්නම් ඒ මෘදුකාංගයේ සිංහල ෆොන්ට් ගැබ් කර තිබෙනවාද?

(2) මම පිටරටකින් (එංගලන්තය, අමෙරිකාව, සිංගප්පූරුව වැනි) original Windows Vista සහිතව ලැප්ටොප් පරිගණකයක් ගෙන්වා ගත්තොත්, ඒකෙත් සිංහල ෆොන්ට්ස් තියේවිද?

පිළිතුරු දීමට මහන්සි වීම ගැන ඔබට දැන්මම තුති!


මම අනුරුද්ධ, මහරගම සිට