මගේ දිවිය පුරාවට
ආදරය යනු කිමැයි උගත්තෙමි
සිනාසෙන්නට, සතුටින් ඉන්නට,
ශක්‌තිවන්ත වීමට උගත්තෙමි
අවංක වන්නට, විශ්වාසවන්ත වන්නට,
සමාව දීමටද උගත්තෙමි..
නමුත් ඔබ නැති පාළුව
මකා ගන්නේ කෙලෙසදැයි
ඉගෙන ගැනීමට
මම තවමත් අපොහොසත් වීමි...
හලාවත සිට පානදුර දක්‌වා
ඔබ මොබ යන්නී ..
මුතු කුමාරීයේ
දැන් හරි අඩම්බරෙන් වගේ...
අළුත් මැදිරිවලින්
ඔයා හරිම ලස්‌සනයි...
අනේ ඔයාට කුරුටු ගී කාරයන් ගේ
බැල්ම නොවැටියන්...