ඔබ ජීවිතයේ සුන්දරත්වය දකින්නට
උත්සාහ කරන දා...
අසුන්දරත්වය කෙමෙන් මැකී යනු ඇත...
ජීවිතයේ සතුට සොයා ඔබ යද්දී
අසතුට ලඟා නොවෙනු ඇත...
අපායත්, දිව්‍ය ලෝකයේත් එකවර විසිය නොහැක...
මේ ද්විත්වයෙන් ඔබට තෝරාගත හැක්‌කේ එකකි..
සුදුසු දේ තෝරාගැනීම ඔබ සතුය...
Monday, February 18, 2008
Thursday, February 7, 2008
I Miss You...
Wednesday, January 9, 2008
Good Morning
හැම උදෑසනක්‌ම
හරියට ලස්‌සන සිතුවමක් වගේ
හොඳ හුස්‌මක් ඇරගෙන
දවස ආරම්භ කරන්න..
හදපිරි සිනාවකින්
දවස එලිය කරන්න..
සොඳුරු කෙනෙකු සමග කතා බහෙන්
ඔබේ දවස වර්ණවත් කරනු ඇත
රන්දුනු....
හරියට ලස්‌සන සිතුවමක් වගේ
හොඳ හුස්‌මක් ඇරගෙන
දවස ආරම්භ කරන්න..
හදපිරි සිනාවකින්
දවස එලිය කරන්න..
සොඳුරු කෙනෙකු සමග කතා බහෙන්
ඔබේ දවස වර්ණවත් කරනු ඇත
රන්දුනු....
මුතු කුමාරි
හලාවත සිට පානදුර දක්‌වා
ඔබ මොබ යන්නී ..
මුතු කුමාරීයේ
දැන් හරි අඩම්බරෙන් වගේ...
අළුත් මැදිරිවලින්
ඔයා හරිම ලස්‌සනයි...
අනේ ඔයාට කුරුටු ගී කාරයන් ගේ
බැල්ම නොවැටියන්...
Wednesday, December 5, 2007
මා දුටු සොකරි
පසුගිය නොවැම්බර් 30 වැනි දින ශිල්ප සයුර ( අප ) සමූහය විසින් සංවිධානය කර තිබූ සොකරි මංගල්‍යය බැලීමී. ඒ අත්දැකීම පිළිබඳ යමක් නොලියම බැරිය. මන්ද යත් එවැනි වෙනස් අත්දැකීමක් පිළිබඳව යමක් ලිවිය යුතුමය. එය අප මේ ගෙවන ව්‍යාකූල දිවියට ඇත්ත වශයෙන්ම Change එකක් විය. කොළඹ 7 දී මෙය රඟ දැක්‌වූවද මදකට හෝ මේ කොළඹදැයි මට නොහැගිණ.. ඒ හෝරා කිහිපය ඇත්ත වශයෙන්ම ගමේ ජීවත් වුණෙමි. ගැමි දිවියේ සරල බාවයත් නගර දිවියේ සංකීර්ණත්වය අතර ඇති පරතරය කෙතරම් දැයි මට හැගිණ.
ඇත්තෙන්ම කෙතරම් අගනා ජන සංස්‌කෘතියක් අපට හිමිදැයි හැගී යන්නේ මෙවැනි විරල ජන නාටකයක් හෝ ගැමි නැටුමක් නෙත ගැටුනු විටය. එවැනි දෑ රැකගත යුතුයැයි අපට හැගෙන්නේද එවැනි අත්දැකීමක් ලද විට පමණි.
අද ඕනෑම යමක් ජනප්‍රිය කරවීම ජනමාධ්‍ය වලට සුළු කාරනයකි. අවාසනාවට අප සතු කිසිම මාධ්‍යක් මෙවැනි ගැමි නාටක හා ජනනාටක වලට එවැනි ජනප්‍රිය භාවයක් හෝ ඒ ගැන දැනුවත් කිරීමක් කිරීමට උන්න්දුව අවමය. ජනමාධ්‍ය මගින් ප්‍රචලිත කරවා අද කරලියට එන "තරු" ප්‍රසංගයක එක් විනාඩි කිහිපයක් සඳහා අයකරන මුදලට වඩා 90% අඩු මුදලකට මෙම ගැමි නාටක කණ්‌ඩායම එළිවෙනතුරු එය රඟදැක්‌වූ අයුරුනම් ප්‍රසංශනීයයි.

Tuesday, November 20, 2007
ශ්‍රී ලංකා සංචාරක මන්ඩලයේ වෙබ් අඩවිය ගැනයි.
ශ්‍රී ලංක සංචාරක මණ්‌ඩලයේ නිල වෙබ් අඩවිය තුලින් බලාපොරොත්තු විය යුත්තේ.. හැකි තරම් සංචාරකයින් ලංකාවට ගෙන් වා ගැනීමට කටයුතු කිරීම බව ඔබත් මමත් සියළු දෙනා දන්නා සරල කරුණකි. කරුණාකර එම වෙබ් අඩවිය මදකට නරඹන්න.. එහි මුල්පිටුවේ ඉහලින්ම පෙන් වා දී ඇත්තේ..
ලංකාවේ අනුරාධපුර ගුවන් තොටුපල ත්‍රස්‌තවාදීන් විසින් ආක්‍රමණය කර ඇති බවයි..
ලංකාව එන්න හිතාගෙන ඉන්න සංචාරකයෙක් ඉතින් එයිද නිල වෙබ් අඩවියේ ඉහලින්ම මෙසේ කියද්දී.. මෙය පසුගිය මාසයක කාලයක් තිස්‌සේ මෙම වෙබ් අඩවියේ ඉහළින් පළකර තිබේ.. කරුණාකර මෙයට අදාල කවුරුන් හෝ මේ ගැන දැනුවත් කරන්නේ නම් මැනවී.
Subscribe to:
Posts (Atom)