Monday, July 7, 2008

අනුරුද්ධ රත්නායක හෙවත් කොටා ( Anuruddha Rathnayake )


Anuruddha Rathnayake
අනුරුද්ධ මචන් බැරි වෙලාවත් උඹ මේක දැක්‌කොත් උඹට කොටා කියල කිවුවට තරහ වෙන්නේ නැති බව මම දන්නවා මොකද අපි උඹට කොටා කීවේ ආදරේට සහ උඹ ඉතින් ඇත්තටම කොටයි නේ..
ඒ දවස්‌ වලම අපි දැනගෙන හිටියා උඹට කවදා හරි හොඳ තැනකට එනවා කියලා..
ඒත් මෙච්චර ලොකු තැනකට එයි කියල අම්මපා මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ..
මට නම් උඹ ගැන පුදුම ආඩම්බරයි..

ඉස්‌සර හිටපු ගමන් දවුලගල පාරේ බස්‌ එකට පේරාදෙණියෙන් නැගල අලපලාවල සෙට්‌ එකත් එක්‌ක වල බහින්න එන උඹමද මේ කියල මට හිතෙනවා..
උඹට ඔලිම්පික්‌ පදක්‌කමකට යන්න සියළු ශක්‌තිය ධෛර්ය ලැබේවා..

බුදු සරණයි

Tuesday, June 3, 2008

අපි විමසිලිමත් වෙමු

සෑහෙන කාලෙකින් බ්ලොග් එකක්‌ ලියන්න ගත්තේ..
මේ දවස්‌ වල කෝච්චිවල බස්‌ වල උඩ රාක්‌ක වල කිසිම පාර්සලයක්‌ තියන්න දෙන්නෙ නෑ.
මම නම් ඒ ගැන ඉන්නේ අප්‍රමාණ සතුටින්..
මොකද එතකොට සැකෙන් බයෙන් යන්න ඕන නෑ..
ඒත් ඉතින් සමහරක්‌ ට නම් ඒක දිරවන පාටක්‌ නෑ...
ඉතින් මේ දින කිහිපයේම විවිධ බහින් බස්‌වීම් ඇති වෙනවා ඒ ගැන.
ඇත්ත අතේ එල්ලගෙන යනවට වැඩිය පහසුයි බැග් එක රාක්‌කෙට දාලා නිදහසේ යන එක...
පහසුවම විතරක්‌ බලලා මදි නේද...
පහසුවෙන් හෝ අපහසුවෙන් යන්නත් ජීවත් විය යුතුයි නේ..
ඉතින් පොදු මහජන සැමගෙ ආරක්‍ෂාව තකා...
පුළුවන් නම් ටිකක්‌ ඉවසන්න...

Thursday, April 10, 2008

සුබ අළුත් අවුරුද්දක්‌

සාමය සතුට සම්පත
සපිරි
සුබ අළුත් අවුරුද්දක්‌ වේවා

ඔබ සැමට...

Thursday, April 3, 2008

නියමයි සහ අපරාදේ..



මම කොණ්‌ඩය කොටට කැපුවෙමි

Thursday, March 6, 2008

උතුරේ තුරුණු තරුව ශිව ගෞරී නංගියේ ( ஷிவ கௌரீ தங்கச்சி )

වවුනියාවේ ශිව ගෞරී ( ஷிவ கௌரீ ) නංගියේ...
ඔබ වැනි තරු තව කොපමණ ඇතිද ...
කැළේට වී අවි අත දරමින්..

කියන්න පුළුවනි නම් ඔවුනටත්...
ඔය වැඩේ තේරුමක්‌ නැති බව..
යුද්ධයට එහා ලොව සුන්දර බව...

අපේම හාලේ බතට
ආසම මාළු පිනි හදන්
රටේම නෑයො එක්‌ක
අපි ඉන්නවා මග බලන්................

Wednesday, March 5, 2008

Monday, February 18, 2008

අපාය ද දිව්‍ය ලෝකයද ?

ඔබ ජීවිතයේ සුන්දරත්වය දකින්නට
උත්සාහ කරන දා...
අසුන්දරත්වය කෙමෙන් මැකී යනු ඇත...

ජීවිතයේ සතුට සොයා ඔබ යද්දී
අසතුට ලඟා නොවෙනු ඇත...

අපායත්, දිව්‍ය ලෝකයේත් එකවර විසිය නොහැක...

මේ ද්විත්වයෙන් ඔබට තෝරාගත හැක්‌කේ එකකි..
සුදුසු දේ තෝරාගැනීම ඔබ සතුය...