Tuesday, November 20, 2007

ශ්‍රී ලංකා සංචාරක මන්ඩලයේ වෙබ් අඩවිය ගැනයි.



ශ්‍රී ලංක සංචාරක මණ්‌ඩලයේ නිල වෙබ් අඩවිය තුලින් බලාපොරොත්තු විය යුත්තේ.. හැකි තරම් සංචාරකයින් ලංකාවට ගෙන් වා ගැනීමට කටයුතු කිරීම බව ඔබත් මමත් සියළු දෙනා දන්නා සරල කරුණකි. කරුණාකර එම වෙබ් අඩවිය මදකට නරඹන්න.. එහි මුල්පිටුවේ ඉහලින්ම පෙන් වා දී ඇත්තේ..

ලංකාවේ අනුරාධපුර ගුවන් තොටුපල ත්‍රස්‌තවාදීන් විසින් ආක්‍රමණය කර ඇති බවයි..

ලංකාව එන්න හිතාගෙන ඉන්න සංචාරකයෙක්‌ ඉතින් එයිද නිල වෙබ් අඩවියේ ඉහලින්ම මෙසේ කියද්දී.. මෙය පසුගිය මාසයක කාලයක්‌ තිස්‌සේ මෙම වෙබ් අඩවියේ ඉහළින් පළකර තිබේ.. කරුණාකර මෙයට අදාල කවුරුන් හෝ මේ ගැන දැනුවත් කරන්නේ නම් මැනවී.

Tuesday, October 2, 2007

බ්ලොග් වෙනුවට කෙටිකතා

සිංහල බ්ලොග් කියවීම මගේ විනෝදාංශයක්‌ .
හරි පුදුමයි
http://www.queen.lk/ එකේ තිබුණ කෙටි කතාව කියවලා බ්ලොග් වලට වැඩිය කෙටිකතා කියවීම රසවත් කියලා හිතුණා. ඔයාලත් කියවල බලන්න " කේක්‌ ව්‍යාපෘතිය " ( http://www.queen.lk/?p=61 ) කියන කෙටිකතාව. හැමදාම අළුත් දෙයක්‌ කරන නිරංජන් ට තවතවත් කෙටි කතා ලිවීමට සියලු ශක්‌තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා.

Tuesday, September 18, 2007

අයියනායක කවි පන්තිය

අදටත් මා සමග ජීවත් වෙන සිංහල පෙළ පොතේ කවිය

සෙවනැළි අවදි නොමවන වැවු ඉවුරු කොනේ
කාලය විසින් හෑරූ නුග ගසක බෙනේ
මල කා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක්‌ නැතද එහි බලයක්‌ තිබෙනු දැනේ

Monday, September 17, 2007

වගබලා ගැනීම හෙවත් care

ඔබ ගැන දස දෙනෙකු වගබලා ගනීනම්
මමද ඒ අතරින් එකෙකු වෙමි..
ඔබ ගැන වගබලා ගන්නේ එකෙකු නම්
ඔහු මම වෙමි...
ඔබ ගැන වගබලා ගැනීමට කෙනෙකු නොවීනම්
එහි අරුත
මා මේ ලෝකෙයෙන්.....
තුරුන් ව ගොස්‌ ඇති බවයි...


රන්දුනු කවි

Wednesday, September 12, 2007

රාළගේ පොත

ඉතාමත් සිත්ගත් සිංහල වෙබ් අඩවියක්‌ ගැනයි මේ දැනුම් දීම.
දැන්නම් ඉතින් කම්මැලි නැතුව කෙටිකතාවක්‌ කියවන්න පුළුවන් වෙබ් එකේම..
වසන්ත දුක්‌ගන්නාරාළ, එහෙමත් නැත්තම් දුකා, නොහොත් රාළගේ අළුත්ම හා එකම පොත දැන් වෙබ් එකේ තියනවා..
එහි ඔහු ලියූ එක්‌ කවියක්‌ මගේ හිත ගත්තා කොපමණද කියනවානම්
මට මහ පුදුම සතුටක්‌ දැනුනා...
ඒක සඳහන් වෙන්නෙ මෙන්න මෙහෙම....

මාතෘකාව : කෙටි දුර ධාවන ශූරියට ලියූ පෙම් කවිය

කවිය :
ඔබ දුවන්නේ
කෙටි දුරයි

මාතෘකාවට වඩා කවිය කොටයි. කොයි තරම් අපූරුද?

විඩාවක්‌ දැනන වෙලාවට කියවන්න.. මෙන්න නියම අන්තර්ජාල පොත...
http://rala.info.lk

Friday, September 7, 2007

සිරස සුපර් ස්‌ටාර් අළුත්ම සින්දු

කවුරු මොනවා කිවුවත් මොන තරම් කතා හැදුවත්, කොයි විදිහකට විනිශ්චයන් ලැබුනත් සිරස සුපර් ස්‌ටාර් වැඩසටහන මටනම් හරිම ඉස්‌තරම්. මම නම් මේ වැඩසටහන බලා හොදින් විනෝද වෙනවා. කාලෙකට පස්‌සේ බ්ලොග් එකේ ලියන්න හිතුනත් පුදුම කම්මැලිකමක්‌ දැනෙනවා..මෙන්න මේ වෙබ් අඩවිය මගින් ඔයාලටත් පුළුවන් සිරස අන්තිම් 12 දෙනාට හදපු අළුත් සින්දු අහන්න. මගේ නම් මෙවර සුපර් ස්‌ටාර් අමිලා නදීශානි..
මෙන්න සින්දු අහන්න පුළුවන් වෙබ් අඩවිය

http://www.malkoha.com/home.php?xp=914&xl=1&xs=s]rs+s[pr~s\t`r~+2&content=Music+Equipment&xv=Sirasa+Super+Star

Wednesday, August 8, 2007

තවත් නව සිංහල බ්ලොග් වියුණක්‌

රංජන් ගේ සිතුවිලි නමින් නව සිංහල බ්ලොග් අඩවියක්‌ මා නෙත ගැටුනා. ඉතා හරවත් ලිපියකින් හොඳ ආරම්භයක්‌ රැගෙන එන මේ වියුණ සටහන් පෙළ පිළිබඳ දැනුවත් කිරීමකි මේ...
http://balagolla.blogspot.com